Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

පොළීසිය අධිකරණය එකතුව නීතිපති දණ ගස්සවයි





අදාළ නඩුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.

වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන්කළේ විනිසුරුවරයා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි. 

එම වරෙන්තුව ලබා ගැනීමට නම් විමර්ශන සිදුකරන නිලධාරියෙකුඊට අදාළව සාක්ෂි ලබාදිය යුතු බවට එහිදි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීම හේතුවෙන් නඩුව අද දිනය දක්වා කල් තැබුණි. 

අද දිනයේ අධිකරණය හමුවේ යළිත් කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ අධිකරණ කටයුතු පිළිබඳව සංවාදයේ යෙදීම හේතුවෙන් ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි. 

ඒ අනුව අද දිනයේ දී ගිහාන් පිලපිටියට මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගන්නේ ද නැද්ද යන්න පිළිබඳව සහ එම විනිසුරුවරයා පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් නිලධාරීන්ගෙන් විමසන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදුන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා පැවසුවේ ඒ පිළිබඳ තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි. 

මේ හේතුවෙන් අද දිනයේ දී හිටපු මහාධිකරණ විනිසුරුවරයාට අදාළව වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නොමැති බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය. 

මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට යම් කාලයක් ලබාදෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බවයි. 

කරුණු සැලකිල්ලට ගත් නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා, ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට අදාළ නීති කෘත්‍ය ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නඩුව කැඳවන ලබන 26වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

වැඩතහනමකට ලක්ව ඇති මහාධිකරණ විනිසුරුවරයෙකුට අදාළ අධිකරණ ක්‍රියාවලියක් වීම හේතුවෙන් මෙහි කටයුතු දැක බලා ගැනීම සඳහා නීතීඥවරුන් රැසක් අද නුගේගොඩ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටියේය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'