Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

අත්අඩංගුවටපත් රංජන් අපරාධ කොට්ඨාශයට-සෙල්ෆි මන්ත්‍රී සගයන් කිසිවෙක් සහායට නැතිවෙයි





අත්අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් ඇත.

එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත අද සිදු කළ නියෝගයකට අනුවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'