Logo
2020 ජූලි මස 11 වැනි සෙනසුරාදා

චූලක්ෂිගෙ හකු බැස්සෙ ඇත්තටම කුඩු ගහලද...?





මේ වෙද්දී කලා නිර්මාණ හරහා ආදරණීය ලෙන්ගතු වූ චරිතයක් වූ චුලක්ෂි රණතුංග ගැන කතා පැතිරෙමින් පවතිනවා, ඒ අතරේ ඇය හොඳින් හඳුනන කෙනෙක් ලෙසින් මටත් ලැබෙන ඇමතුම් බොහොමයි, ඒ අන් කිසිවක් නොව මේ යන ප්‍රචාර සත්‍ය දැයි විමසන්නට,

කියන්නට යමක් ඇත, ඇය ට ලැබෙන චරිත අනුව ඇය කොතරම් වෙහෙසක් ගනනවද යන වග ඇය සමීපව ඇසුරු කරන අය හොඳින් දනී... මේ දිනවල පවා ඇය හරි අපූරු සිනමා නිර්මණයකට දායක වෙමින් සිටිනවා, ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මන්දාරා හි,

"මට හොඳ සිනමා අත්දැකීමක් මතක් කරන්න හිතුනා, මුහුණ කෙට්ටු වෙලා හකුබැහැලා කියලා කියන අයට, පොඩ්ඩක් බලන්න විරාගය චිත්‍රපටය,එහි සනත් ගුණතිලක මහතා කරන අරවින්ද චරිතය කොයි තරම් නම් කෙසඟ ද ඒ ඔහුත් මෙවැනි දෑට ඇබ්බැහි වෙලාද, නැහැ ඔහු සහභාගී වූ වැඩසටහන් වල කියා තිබෙනවා, ඒ ඒ චරිත වලට කළ කැප කිරීම්..

ඒ නිසා මේ ලැබෙන මතවාද පවා ඉදිරි ගමනට ආශිර්වාදයක්ම වෙයි මගේ ආදරණිය සහෝදරිය මිතුරිය ඔබට...තව බොහෝ කතා නිර්මාණය වෙන්නට පුළුවන්, නමුත් ඔබ ගැන දන්නා අය ඔබේ ගමනට ආශිර්වාද කරාවි,තව බොහෝ දුර ගමනක් යන්නට හැකියි ඔබට, ඉදිරියටම යන්න...

චමිල් උදයංග






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'