Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

දෙවන ලෝක යුධ සමයේ අතහැර දැමුණු ගම්පහ මිනිරන් පතලේ නව අස්වැන්න ලැබෙයි-ලොව හොඳම කාබන් සහිතයි





දෙවැනි ලෝක යුද සමයේදී අතහැර දැමූ ගම්පහ, කරස්නාගල මිනිරන් පතලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබේ.

සියයට 97කට වැඩි කාබන් ප්‍රතිශතයක් ඇති මිනිරන් අඩංගු මෙම පතලෙන් ඉදිරි වසර 20ක කාලය තුළ ලබා ගැනීමට අපේක්ෂිත මිනිරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 53,000කට අධිකයි.

දශක ගණනාවකට පෙර ගම්පහ, අත්තනගල්ලේ අක්කර 7ක භූමි ප්‍රමාණයක පිහිටි කරස්නාගල මිනිරන් පතලේ පරීක්ෂණ කටයුතු ආරම්භ වූයේ මීට වසර 3කට පෙරයි.

ඒ කැනේඩියානු සමාගමක් සහ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය එක්වයි. 

මෙහි මිනිරන් තුළ ඇති කාබන් ප්‍රතිශතය 97% ඉක්මවා ඇති අතර ලොව බොහෝ රටවල මිනිරන් තුළ ඇත්තේ 10%ත් 40ත් අතර කාබන් ප්‍රතිශතයක්.

ඒ අනූව පොළව මට්ටමේ සිට අඩි 150ක් පමණ අභ්‍යන්තරය දක්වා කැනීම් කටයුතු සිදුකර නවතා තිබූ පතලේ පළමු මිනිරන් අස්වැන්න ලබා ගැනීම ඊයේ සිදුකෙරුණි.

මෙම පතලෙන් ලබාගන්නා මිනිරන් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට අපේක්ෂිතයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'