Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට





ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු (Motegi Toshi Mitsu ) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද(12) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ දූත පිරිස 21 දෙනෙකු පැමිණි බව වාර්තා වෙයි.

ඔවුන් අද සවස 6.04 ට ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස්  කාර්යාලයේ උසස් නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'