Logo
2020 අගොස්තු මස 3 වැනි සඳුදා

ගෝඨාගේ හොඳ බොහොමයක් අපි දකිනවා-හඳුන්නෙත්ති





බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට මේ වන විටත් අවශ්‍ය පියවර ගත හැකිව තිබෙන බව කෝප් කමිටු හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව අනාවරණ කළේ මොකද වුණේ විශේෂාංගය සමඟ එක්වෙමින්.

කෝප් කමිටුව කැඳවීම සිදු කරන්නේ තමන්ගේ කාල සටහනකට අනුව බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාර අවසාන කළේ ඔහුගේ කාල සටහනට අනුව බවත් පැවසු ඒ මහතා එම කාරණා දෙකේ කිසිදු සමානතාවයක් නැති බව පැවසීය.

එසේම පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණායැයි තමන් සිතන්නේ නැති බවත් ඒ මහතා පැවසීය.

රටේ ජනතාව ඡන්දය භාවිත කිරීමේ දී ප්‍රතිපත්තිමය සාධක පමණක් නොව පුද්ගල සාධක ද සළකා බැලීම පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය අඩු වීමට හේතුවක් වු බවත් ඒ මහතා පැවසීය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ යනු සියල්ල විවේචනය කරමින් සිටින පක්ෂයක් නොවන බවත් වත්මන් ජනාධිපතිවරයා ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග අගය කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'