Logo
2020 අගොස්තු මස 15 වැනි සෙනසුරාදා

ප්‍රියංක ප්‍රනාන්දුට තානාපති මුක්තිය හිමියි-නඩු තීන්දුව දේශපාලනිකයි





018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥා කරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිගේඩියර් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබුණි.

ඊයේ දිනයේ එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.

මේ අතර අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ අදාල දඩ මුදල රජය විසින් ගෙවිය යුතු බවයි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අද දෙරණ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා යුධ හමුදාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

අදාළ තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන, විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ,  බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියෙක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතාට වියානා සම්මුතියට අනුව මුක්තිය හිමිවන බවයි.

එමෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නොමැතිව නඩු කටයුත්ත විභාග කිරීමත්, ඔහුට ඇති මුක්තිය නොසළකා හැරීමත්, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට පෙර නඩු තීන්දුව ප්‍රකාශ කිරීම හරහා පෙනීයන්නේ, තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම් ඇති බවයි. 
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'