ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
මහින්ද පතිරණමේ අතර මෙම ඉල්ලීම් අප්‍රේල්වල එළඹෙන මහ මැතිවරණයට කලින් ඉදිරිපත් නොකර සිටීමට ද කටයුතු කරනු ඇති බව වාර්තාව පවසයි. ඒ මෛත්‍රීපාල ජනපතිට තම බලය තහවුරු කර ගැනීමට අවස්ථාව දීම සඳහා ය. එනම් ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නැවත බලය ඒම වැළැක්වීම සඳහා ය.
තත්වය මෙසේ තිබිය දී, ඉහත කරුණ අප නැවත හෙළ බසින් සටහන් කළේ මේ පිළිබඳ ඇමරිකානු ක්‍රියාමාර්ගය සැහැල්ලුවෙන් තැකිය හැකි එකක් නොවව බව පෙන්වනු වස් හා ඇමරිකානු නීති අංශ මේ පිළිබඳ දිගින් දිගට ම ක්‍රියා කරන බව පෙන්වනු පිණිස ය. නවතම තත්වය නම්, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය මෙන් ම ප්‍රකට Just Security සංවිධානයේ සම ප්‍රධාන සංස්කාරක රයන් ගුඩ්මාන් පසුගිය දා ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ගෝඨාභයට එරෙහි ව නඩු පවරන්නේ නම් පමණක් ඔහුට සහනයක් ලැබෙන බව ය.
ඔහු මෙසේ කියන්නේ ඉහත නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට ප්‍රතිචාරයක් ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ විසින් කළ ප්‍රකාශයකට ද පිළිතුරු ලෙස ය. සුජීව සේරසිංහ ප්‍රකාශ කොට තිබුණේ ලංකාවේ සිටින තුරු ගෝඨාභයට මුක්තිය තිබෙන බව ය. එහෙත් ගුඩ්මාන් එය පිළිගන්නේ නැත. ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කොට තිබෙන පුද්ගලයින් හුවමාරු කර ගැනීමේ ගිවිසුමට අනුව ගෝඨභය තම රටට ගෙන්වා ගන්නා බව ඔහු පවසා සිටි. ගුඩ්මන් මෙසේ ලියයි:
"If Sri Lanka prosecutes Mr. Rajapaksa that could indeed shelter him and preserve the country's broader sense of autonomy. But if the Sri Lankan authorities do not act, at some point another party-in this case the United States in pursuit of its own citizen-might step in" ඔහු අවධාරණය කරන්නේ අවංක හා විස්වසනීය පරීක්ෂණයකින් පමණක් ම ගෝඨාභයට ඇමරිකාවෙන් ගැලවිය හැකි බවත් රටේ පුළුල් ස්වාධීනත්වය ආරක්ෂා කළ හැකි බවත් ය. ලංකාවේ පරීක්ෂණය නොපැවැත්වෙන්නේ නම් ඇමරිකාව ඔහුගේ පුරවැසියාට එරෙහි ව ක්‍රියාත්මක වනු ඇති බවත් ගුඩ්මන් පවසා සිටී.
ඇමරිකාව "තම පුරවැසියා" ගැන මෙසේ කියන්නේ පසුගිය සමයේ ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ අති බිහිසුණු යුධ අපරාධවල නියැලුණු ජනපතිවරු, ආරක්ෂක ලේකම්වරු, ජෙනරාල්වරු හා සෙබළු තම රට තුළ කිසිදු පරීක්ෂණයකට ලක් නොවී සිටින පරිසරයක ය. ඇමරිකානු පුරවැසියා යනු අන් කවරෙක් හෝ නොව ඇන්ග්ලෝ සැක්සන් සුද්දා බව අප අමතක නොකළ යුතු ය. මේ අතර, ඇමරිකාව වැනි රටවල් "අවංක හා විස්වසනීය පරීක්ෂණ" ලෙස හඳුන් වන්නේ ඔවුන්ගේ උපකල්පනයට අනුව වැරදකාරී ගෝඨාභයට දඬවම් ලබා දෙන පරීක්ෂයක් ය. අන් සියල්ල අවංක නැත.
ගුඩ්මන් වැඩි දුරටත් පවසන්නේ දැන් ලංකාවේ දේශපාලකයින් පවසන දෙයින් පෙනෙන්නේ ගෝඨාභයට එරෙහි ක්‍රියා මාර්ගය ගැනීමට අවශ්‍ය දේශපාලන අවකාශය පෑදි තිබෙන බවත් ඇමරිකාව විසින් කළ යුත්තේ එය ප්‍රයෝජනයට ගෙන අදාළ ප්‍රකාශ ප්‍රායෝගික ඒවා බවට පත් කළ යුතු බවත් ය.
ඇමරිකාවට ලංකාව පිළිබඳ මෙසේ ක්‍රියා කිරීමෙන් ඉටු කර ගැනීමට අරමුණු ඇත. ප්‍රධාන අරමුණ නම් ලංකාව චීනයෙන් ඈත් කොට ඉන්දියාවට ලබා දීම ය.මේ අතර, ඇමරිකානු ජනාධිපති ඔබාමා ඉන්දියාවේ දී පැවසු දෙයින් ප්‍රකාශ වන්නේ දැන් ශ්‍රි ලංකාවේ ඇමරිකාවට අවශ්‍ය පමණක් නොව ඉන්දියාවට අවශ්‍ය පාලනය බිහි වී ඇති බව ය. මංගල සමරවීර ඇමතිවරයා ඉන්දියාට යන්නේ ද මෝඩි හදිසියේ ලංකාවට එන්නේ ද මේ අනුව ය. කොටින් ම මහින්ද රාජපක්ෂ පරාජය වනු දැකීම විශේෂයෙන් කැමති වූයේ ඉන්දියාව ය. ඊට එක් හේතුවක් වූයේ මහින්ද වැනි බලගතු, පරිණත හා ජාතික නායකයෙකු තම මුහුදු කරයේ ම සිටිම ඉන්දියාව තර්ජනයක් කොට සිතු නිසා ය. ඔහු මෙල්ල කිරීමට ඉන්දියාව කළ සෑම අත්සාහයක් ම අසාර්ථක විය. එවන් ප්‍රබල නායකයෙකු චීනයට තම මිත්‍රත්වයේ හස්තය දිගු කොට තිබීම ඉන්දියාට තවදුරටත් භීතියට පත් කොට තිබුණි.
ඇමරිකාවට ද අවශ්‍ය වන්නේ ආසියාව තුළ චීනයට එරෙහි ව ඉන්දියාව යොදා ගැනීමට ය. මහින්ද පරාජය කිරීමෙන් ලංකාව කළේ අන්කිසිත් නොව ඉහත කී රටවල් වල උවමනාවන් ඔවුන්ට අවශ්‍ය පරිදි ඉටු කොට දීම පමණි. කොටින් ම මහින්ද යටතේ ලංකාව චීනයට වඩාත් ලං වූයේවත් ඉන්දියාවෙන් වඩ වඩාත් ඉවත් වූයේවත් නැත. අප අනුගමනය කළේ නොබැඳි පිළිවෙත හා අපගේ ජාතික අවශ්‍යතාවන්ට සුදුසු විදේශ ප්රතිපත්තියකි. ලංකාව චීනගාමි කළේ ඉන්දියානු චීන ෆෝබියාව හා මෙරට වෙසෙන එහි ඉත්තන් ය. කෙසේ වෙතත්, අප චීනයට එරෙහි නොවිය යුතු බවට වන සාධක රැසකි. අප රටක් ලෙස චීනයට අකෘතඥ වන්නේ නම් මෙරට වෙසෙන ජනතාව තරම් ආත්මාර්ථකාමී, දුෂ්ට ජනතාවක් ලෝකයේ කොයි රටක හෝ සිට නැතැයි සිතෙන තරම් ය.
චීනය නොවන්නට ලංකාවට කොටි සංවිධානය පරාජය කිරීම කිසිසේත් ම කළ නොහැකි ව තිබුණි. ඉන්දියාව හා ඇමරිකාව හා බටහිර රටවල් ලංකාවට අවි විකිණීම ප්‍රතික්ෂේප කරන විට අපට අවශ්‍ය අවි ආයුධ නොපිරි හෙළා ලබා දුන්නේ චීනයයි. යුධ සමයේ රටේ ආර්ථිකය නොවැටී පවත්වා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දුන්නේ ද චීනයයි. ආර්ථිකය වැටුණේ නම් යුද්ධය අතර මග ඇන හිටිනු ඇත. යුද්ධය අතර තුර මෙන් ම ඉන් පසු ව අන්තර් ජාතික ව පැමිණි සියළු රාජ්‍ය තාන්ත්‍රික තර්ජන පරාජය කළේ ද චීනයයි. 2009 දී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී ආර්ථිකය කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී IMF එකෙන් ණයක් ඉල්ලූ විට ඇමරිකාව එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ අතර, චීනය අදාළ මුදල දීමට ඉදිරිපත් වූ විට පමණක් IMF ණය අනුමත විය. චීනයට එරෙහිව, ඉන්දියාවට හා ඇමරිකාවට අවශ්‍ය බඩ පිණුම් ගැසීමට ලංකාව ලබා දීමෙන් ද මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් අජාතික ව හා අන්තර්ජාතික ව ලෝකයට පෙන්වා සිටියේ අප තඹ දොයිතුවකට හෝ විස්වාස කළ නොහැකි රටක් බව ය.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'