Logo
2020 සැප්තැම්බර් මස 30 වැනි බදාදා

නිදහස් කළ මාව ආපහු හිරේ දාන්න හදනවා - යහපාලනය බදුයුදීන් නිදහස් කළේ මෙහෙමයි.

ඉසුරු ප්‍රසංග


බදුයුදීන් පසුගිය දා ප්‍රකාශ කළේ  නිදොස් කොට නිදහස් කළ තමාව නැවත අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සැරසෙන බවය. ඒ අනුව දැන් නැවතත් බදුයුදීන් ගැන කතාබහක් ඇති වී තිබේ. ඔහු කිසිම වරදක් නොකළ අයෙකු ලෙස සලකා නිදහස් කළ බව ඇත්තකි. මෙහි දැක්වෙන්නේ පසුගිය රජය ඒ අරුම පුදුම නිදහස ඔහුට පිරි නැමූ ආකාරයයි. 
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඊට අදාළව ඔහුට එල්ල වූ චෝදනාවලින් කීපයක් මෙසේය.
1. සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ පියා වූ යූසුප් ඉබ්‍රාහිම්ව සමීපව ඇසුරු කිරීම.
2. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉම්ෂාන් අහමඞ්ගේ තඹ කර්මාන්ත ශාලාවට යුධ හමුදාවෙන් ලබාගන්නා පතුරොම් කොපු නීති විරෝධී ලෙස ලබාදීම.
3. අත්අඩංගුවට ගත් තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නිදහස් කිරීමට බලපෑම් කිරීම.
4. බදුයුදීන්ගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික කේ.එස්.පී අලවුදීන්ගේ දියණිය හා බෑණා මරාගෙන මැරෙන බෝම්බකරුවන් වීම.
5. බදුයුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන මුදා හැරීම.
6. බදුයුදීන්ගේ සහෝදරියගේ නිවසක් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ලබා දී තිබීම.
7. බදුයුදීන්ගේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අබ්දුල් හනුක් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
8. බදුයුදීන්ගේ උපදේශකයෙකු වන මව්ලවීවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.
9. මීට අමතරව බදුයුදීන් යටතේ ආයතනවල සිදුවූ වංචා දූෂණ ගණනාවක් පිළිබඳ පැමිණිලි ලැබී තිබිණි.
> අන්තවාදී චෝදනා එල්ල වූ මුස්ලිම් ඇමතිවරුන් ගැන සෙවීමට පත් කළ පොලිස් ත්‍රිපුද්ගල කමිටුවට ලැබුණු පැමිණිලි 21න් 11ක් රිෂාඞ් ඇමතිවරයාට එරෙහි ඒවා විය. 
> පාභියන්ගල ආනන්ද සාගර හිමි බදුයුදීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 20යි විනාඩි 45ක කට උත්තරයක්ද  ලබා දී ඇත.
> එහෙත් කිසිදු අත්අඩංගුවට ගැනීමක්, ප්‍රශ්න කිරීමක්,  අධිකරණ ක්‍රියාමාර්ගයක් දියත් වූයේ නැත. සිදුවූයේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ තේරීම් කාරක සභාව බදුයුදීන්ගෙන්  ප්‍රකාශයක් ලබාගැනීම පමණකි.
> අදාළ ත්‍රිපුද්ගල කමිටුව ස්ථාපිත කළේ 2019 ජූනි 3 වැනිදාය. සියලු කටයුතු කෙරුණේ මේ කමිටුව මගිනි.  2019 ජූනි 29 වැනිදා වන විට ඇමතිවරයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බව වැඩ බලන පොලිස්පතිවරයා තේරීම් කාරක සභාවට දැනුම් දුන්නේය.
> ජනතා විරෝධය හමුවේ 2019 ජුනි 3 වැනිදා මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කළද, 2019 ජූලි 29 වැනිදා ඒ නාටකය අවසාන වී රිෂාඞ් බදුයුදීන් නැවත යහතින් අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
> එල්ල වු චෝදනා කෙතරම් දරුණු වුවද, බදුයුදීන් පැය බාගයකටවත් අත්අඩංගුවට ගැනුනේ නැත. උසාවිය ඔහුට අදාළ වූයේම නැත. කමිටුවකින් පරීක්ෂණ පවත්වා  කමිටුවෙන්ම තීන්දු දෙන අරුම පුදුම ක්‍රමයටක ඔහු නිවැරදිකරුවා විය. හොර පොල් කැඩීම ගැන නඩුවක් ඇසීම පවා මීට වඩා සංකීර්ණ වන රටක මේ සියල්ල විසදීමට  ගතවූයේ මාසයක් වැනි කෙටි කාලයකි. කෙතරම් ආශ්චර්යයක්ද?
> මේවා මෙසේ සිදුවූයේ  උසාවියට අපහාස කිරීම නිසා භික්ෂුවක් වසර 19කට සිරගෙට යැවූ සහ ඇත් පැටවෙක් පන්සලේ තබා ගත් හිමිනමක් දින ගණනාවක් රිමාන්ඞ් කළ රටක බවද අප අමතක කළ යුතු නැත. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'