Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

හදලම බලමු ස්පැනිෂ් ඔම්ලට්

ඉන්දුනී වැලිවිට


මේ ස්පැනිෂ් ඔම්ලට් ස්පාඤ්ඤයේ සාම්ප්‍රධායික කෑමක්. මම රෙඩ් බෙල් පෙපර් දැම්මා ඒ් රසට ආස නිසා. ඒ්ත් ස්පැනිෂ් අය ඒ්වා දාන්නේ නෑ.

මේක හදන්න ලේසියි. මම හැදුවේ මධ්‍යම ප්‍රමානයේ අල ගෙඩි 3කින්. ඔයාලාට ඔ්න විදියට ප්‍රමාණ වෙනස් කර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

අල ගෙඩි 3ක්

බිත්තර 3

රටළූණු ගෙඩි 1 (ඇතුල සුදු ලූණු එක නම් වැඩිය හොඳයි)

බැදීමට ගන්නා ඔලිව් තෙල් (හෝ වෙනත් තෙල් වර්ගයක්)

ලුණු (රස අනුව)

ගම්මිරිස් (රස අනුව)

සාදන ක්‍රමය:

· අල ගණකම සෙන්ටිමීටර් එකක් හෝ එයට අඩු පෙති කපන්න. ලූනු කොටු කපන්න.

· පෑන් එකක තෙල් රත් කර අල බාගෙට බැදුන විට ලූණුත් දමා ලූණු විනිවිද පේන ගතිය එනකම් බදින්න. මේ වෙලාවෙදි අල හොඳටම මෘදු වෙලා නෑ. ඒ්ත් ඒ වෙලාවට තමයි බාන්න .

· බිත්තර වෙනම ගසා, ඒයට ලුණු, ගම්මිරිස් රස අනුව දමා කවලම් කර අල රස්නේ තිබියදීම බිත්තර මිශ්‍රණයට දමා කවලම් කර විනාඩි 2-3 තියෙන්න හරින්න.

· දැන් අල බැදපු බාජනයේ වැඩිපුර තෙල් ඉවත කර එය රත් කරන්න.

· එයට අල බිත්තර මිශ්‍රණය දමා හැන්දකින් උඩ සමතලා කර පියනකින් වසා අඩු ගින්දරේ ඔම්ලට් එක පිස ගන්න.

· උඩ තියෙන බිත්තරත් සුදු පාට වෙලා නම් ලිපෙන් බා පෑන් එක උඩින් පිඟානක් තබා ඔම්ලට් එක දමා නැවත අනිත් පැත්ත හරවා පෑන් ඒකට දමා ඒ් පැත්තත් බැද ගන්න.

ඔම්ලට් ඒක හදන්න නන්ස්ටික් පෑන් එකක් ගන්න පුලුවන් නම් ලේසියි. මේ ඔම්ලට් වර්ගය උනුවෙන් වගේම නිවිලත් කන්න පුලුවන්. තෙල් නිසා නිතරම කන්න නම් එච්චර හොඳ නෑ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'