Logo
2020 පෙබරවාරි මස 21 වැනි සිකුරාදා

රංජන් පිස්තෝල උන්ඩ 107ක් සමග අසරණව අධිකරණය ඉදිරියේ සිටී

නුවන් මොනරවිල


රංජන් රාමනායක කර මුලටම හිරවී අවසන් බව ලියවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට නිළ ආයුධය සමග ලග තබා ගත හැකි වන්නේ එයට යොදන උන්ඩ 20ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ලග තිබී අත් අඩංගුවට පත් බලපත්‍ර අළුත් නොකල පිස්තෝලය සමගඅත් අඩංගුවට පත් උන්ඩ ගනන 127කි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩිපුර උන්ඩ 107ක් රංජන්ට නිකුත් කර ඇත්දැයි නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් විමසන බව අධිකරණයට දැනුම් දුන් අතර එම විමසීමට අමාත්‍යංශයෙන් ලැබෙන පිළිතුර අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට පළමු දඩුවම අධිකරණය අච්චු කර රංජන්ගේ නමට ලියනු ඇත.

ඒ සමගම පහුගිය වසර පහ ඇතුලත එකිනෙකා මරාගත් පාතාලයේ උන්ඩ වලට කොතැනින් හෝ බලපත්‍ර අළුත් නොකල රංජන්ගේ පිස්තෝලය ගෑවුනොත් සදහටම අවසානය.

ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ තමන් ඝාතනයට රංජන් රාමනායක පුහුණු වූ බව පවසන නඩුව සමග හෝ පාතාලය හරහා රංජන්ගේ සබදතා එලිදරව් කරන්නට අනවසර උන්ඩලබා ගැනීම සනාථ වුවහොත් ඔහුගේ ඉරණම ඉතා දුක්බර වනු ඇත.

මට මතක් වෙන්නේ පහුගිය වසර පහ පුරා මහින්ද පාර්ශවයේ මන්ත්‍රී වරැ අධිකරණයට එමින් යමින් රිමාන්ඩ් වන විට ජනතාව සහ හිත මිතුරු පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී වරැන් ඔවුන් සමග අධිකරණ භූමියට පැමිණ මානසිකව ශක්තිමත් කල අයුරුය .එවැනි ඉහළ ලෙංගතු බැදීමක් වැටෙන විටත් පොදුජන පෙරමුණේ පවුල තුළ පිහිටා තිබුණි. විශේෂයෙන් පක්ෂය වෙනස් වුනත් තමව්ගේ කදවුර තුළ සිටිය විමල් වීරවංශ ගම්මන්පිළ වැන්නවුන් රිමාන්ඩ් කරන විටත් ඔවුන් එකම ආකාරයකින් එකට සිටියේය.

නමුත් රංජන් අද තනිවමය.

ඔහුට අත්පොලසන් ගැසූ ප්‍රෙක්ෂකයන්ද නැත

පාර්ලිමේන්තුවේ විරුද්ධ අයට අපහාස කරන්නට රංජන් යොදාගත් කිසිම පක්ෂ නායකයෙක් හිතවතෙක් ලග නැත.

රංජන්ගේ හඩපට වලින් විනිසුරැවරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිළධාරින් උසාවි වලට උත්තර බදිද්දී

රංජන් පිස්තෝල උන්ඩ 107ක් සමග අසරණව අධිකරණය ඉදිරියේ සිටී.

........... නුවන් මොණරවිළ .....







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'