Logo
2020 මාර්තු මස 31 වැනි අඟහරුවාදා

එදා මෙදා තුර හින්දුකරනයට නතුවෙන ලංකාව.....

ඉන්දික කුමාර


මුලින්ම අපට වැරැද්දුවේ ඉතිහාසයෙනි.එනම් විජය නැමති හොරෙකුව ආරක්ෂා කිරීමට විශ්නුට බාර කිරීමේ කතාවෙනි.විශ්නු යනුද හින්දුන්ගේ දෙවිකෙනෙකි.බුදුන් බැහැර කල හින්දු ආගම විසින් බෞද්ධ දර්ශනය රැකිම.කෙසේ විහිලු සපයන්නක්ද.පසුව මහාවිහාරයතුල මහන වී සිටි දකුනු ඉන්දියානු භික්ෂූන් ශිව මතු බුදු කිරීමට උත්සහ කලේය.මහසෙන් රජුට පිංසිදුවන්න එය වලපල්ලට ගියේය.ඉන් පසු පුංඩු,චෝල වංශික ආක්‍රමන කරැවෝ සමග පැමිනි පිරිස් මෙහි විසුහ.ඔවුන් ක්‍රමයෙන් හිංදුකෝවිල් නිර්මානය කරන ලදි.ඊටත් පසුව මහනුවර යුගයේදී පන්සල තුලට දෙවියන් රිංගවන ලදි.රජුගේ බිසෝවරු සැන සීමට පන්සල් කෝවිල් ආකාරයෙන් නිර්මානය කිරීමත් ආරම්භ වුනි.පන්සල් තුල දේවාලගෙවල් නිර්මානය වුනි.
අවසාන වශයෙන් බ්‍රිතාන්‍යය විසින් පාරවල් වල වැඩට ගෙනෙන ලද ඉන්දියානු කම්කරුවන් හා තේ වතුවල වැඩට ගෙනෙන ලද කම්කරුවන් ඔවුනට වැදිමට තැන තැන දේවාල ගුබ්බැයම් අටවන ලදි.

අවසානයේ ලංකාව පුරාවටම විශ්නු,ශිව,ඝණ,කාර්තික්,කාලි,පත්තිනි හා වෙනත් ඉන්දියානු කෝවිල් ඇති විය.දැන් අප බෞද්ධයන් දුවන්නේද මේවා පසුපසය.අද හින්දුකරනය සිදුකරන්නේ පන්සල තුලින්ය.සමහර ස්වාමින්වහන්සේලා කරන්නේ දේවාලයේ කපුකමය.අද සමහර අසපු නිර්මානය කරන්නේද දේවාල ස්වරූපයටය.දැන් ලංකාව හින්දුකරනය කිරීමට වෙනත් බලවේග අවශ්‍ය නැත.පන්සල ඒ බලවේගය වී හමාරය.බුදුරජාණන් වහන්සේ ඉවත් කල හින්දු මිත්‍යවන් පන්සල වැලදගෙන හමාරය.⁣
ශ්‍රි ලංකාව තුල දෙවියන් සිටියේය.නමුදු ඒ දෙවියන් මිත්‍ය හින්දු සංකල්පයන් මත පදනම් වු දෙවියන් නොවේය.එනම් අප රටට එක්සේසත් කල අප රටට ආදරය කල යුග පුරැෂයන් පසුව දේවත්වයෙන් සැලකීමය.අප රටේ වසර 4500 කට පමන පෙර සිට පැවත එන චාරිත්‍රයක් ඇත.එනම් නැ යකුන් පිදීමේ චාරිත්‍රයයි.ජනතාවට සේවය කල යමෙක් මරනින් පසු ඔහුට උපහාරයක් ලෙස මරනෙන් මතුද සිහිකිරිම සිදුකරයි.මරනින් මතුද නැ යකුන් පැමින තමනට උදව් කරාවියැයි සිංහල සංස්කෘතිය තුල තිබු අහිංසක බලාපොරොත්තුවකි.මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයන් බෞද්ධ දර්ශනය ඇදහිමට පෙර සිටම තිබු චාර්ත්‍රයකි නෑ යකුන් පිදිම.එම චරිත්‍රය තුල යම් මිත්‍යවන් ගැබ්ව තිබුනද හෙලයාගේ මන්ත්‍ර ශාස්ත්‍ර දැනමු තුලින් මලගිය ප්‍රනියෙකු බන්දනය කර වැඩගැනීමේ හැකියාව ඔවුන් දැන සිටියේය.එහෙයින් ඔවුනට එය යාවත්කාලීන කර ගැනිමට හැකියාවක් ලැබුනි.අවසාන වශයෙන් ලංකාවේ දේවත්වයට පත්වුයේ රංවල දෙවියන්ය.ඒ පුගොඩ ආසන්නයේ කැළණි ගගේ තොටුපලේ තො⁣ටියාය.ඔහු කැගල්ල රංවල ගමේ අප්පුසිංඥා් නම් මනුස්සයෙකි.ජිවත්ව සිටින විට මිනිසුන්ට උදවු උපකාර කල අතර මරනින් මතුද මිනිසුන් ඔහු වෙනුවෙන් පහනක් පත්තු කලේය.පසුව රංවල මුත්තා රංවල දෙවියන් ලෙස ප්‍රසිද්ධියට පත්විය.අද පුගොඩ ඉසව්වෙන් යන සියල්ලටම පුහුල් පහන් ද රංවල දේවාලයද දැකගත හැකිය.එය සිංහලයාගේ නැ යකුන් පිදීමේ චාරිත්‍ර ක්‍රමය තුලින් දේවත්වයට පත්වීමේ ක්‍රමයයි.

නමුදු බුදුන් පවා මිත්‍යවක් ලෙස අර්ථ දැක්වු හින්දු ධර්මය අප රට මේවන විට ගිලගෙන හමාරය.හින්දු දෙවියන්ගේ උපත මනක්කල්පිතව සිදුවයි.මැවීම් වාදය මගින් හින්දු සංකල්පයේ සියල්ල පාලනය වයි.නමුදු බෞද්ධයන් මැවීම් වාදයට විරැද්දය.බෞද්ධ දර්ශනය තුල මැවුම් වාදය නැත.නමුත් අද බෞද්ධයන් දුවන්නේ මැවිම් වාදයෙන් පෝශනය වු හින්දුදේවාල පසුපසය.කතෝලිකයන්ට,මුසල්මානුවන්ට මිත්‍ය දුශ්ටිකයෝය පවසන බෞද්ධයන් සම්ය්‍යප්දුශ්ටිකද,නැත නමට බෞද්ධ වු මේ පිරිස්ද හින්දු පදනමෙන් එලිය දකින නිසා මිත්‍ය දුශ්ටිකයන්ය.
අද ලංකාව හින්දු කරනය කරන්නේ බෞද්ධයන් විසින්මය.හින්දු ආගමික හා සංස්කෘතිය අප වැලදගෙන හමාරය.රාවනා වාදය තුලින්ද හින්දුකරනය මේවන විට ආරම්භ වී හමාරය.ඒ රාවනයන්ද හින්දුවෙක් ලෙස පැවසීමෙනි.ඔවුන් එයට උදාහරන ගන්නෙ රාවනා ශිව ඇදහීමයි.දුකටපකරැන නම් ශිව යනු කව්රැන්ද යන්න ඔවුන් නොදනිමයි.ඒ ඔවුන් මිත්‍යවෙන් පිරී සිටීම හෙයිනි.ඉරට වැදි ජාතිය සුර්යය වංශිකයන්ය,එනම් ශිවට වැදි ජාතියය.ශිවා ලිකිතය යනු සුර්යය ලිතය.එහි මනක්කල්පිත දෙවියන් ඇත්තේ නැත.ලංකාව තුල ශිව දේවාල හා ශිව ලිංග අටවමින් රාවන රෑප අදිමින් යන කුමන්ත්‍රනය යාපනයේදී ආරම්භ වී ඇත.
විජය හරහා විශ්නුගෙන් හිනුදුත්වය ලබා ගත් අප අපේ අනන්‍යතාවය ඔප්පු කිරරීමට ඇති අවසන් සාදකයද එනම් මහා රාවනයන්,ලොවක් පවා කතා කරන මහා රාවනයන් අත්හරින්නේනම් ආතක් පාතක් නැති කල්ලතෝනින් විසින් රාවනයන්ට නුදුරු දිනකම අයිතිවාසිකම් කියනවා ඇතිය.එවිට මේ භූමියේ මුල් අයිතිකරුවන් ඔවුන්ය.සිංහලයාට වන්නේ විජය විජය කියා උඩ බලා සිටීම පමනි.
හින්දුකරනයේ අරැනලු ද රැගෙන යම් මුහුනු පොත් පිටු හා හමු මේවන විටත් නිර්මානය වී හමාරය.ඉදිරියේදි සාක්ෂි සාදක ඇතිව අප ඔබට ඒ පිලිබදව එලි කරන්නෙමු.එතෙක් එවැන්නක් දුටු තැන එයට විරෝදය පලකරන්න....
...... ස්තුතියි...

උපුටා ගැනීම නොපෙනෙන මානය පිටුවෙන්







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'