Logo
2020 අප්‍රේල් මස 3 වැනි සිකුරාදා

ගෝඨාභය හා මෙෙත්‍රීපාල

ඉන්දික කුමාර


2019-12-29 ඉරිදා ලංකාදීප පුවත්පත
සංවාද සටහන - අජන්ත කුමාර අගලකඩ

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා විදිහට මේ දිනවල කොහොමද ඔබතුමා කාලය ගත කරන්නේ?

පිළිතුර - විශ්‍රාමික ජනාධිපතිවරයෙක් විදිහට මම බොහොම සතුටින් සහ නිදහසේ ඉන්නවා.කායික සහ මානසික වශයෙන් ඉතාම ඉහළ තෘප්තිමත් භාවයක් තමයි මට තියෙන්නේ.ජනාධිපති කෙනෙක් කියන්නේ රට පිළිබඳව වගකීමක් තියෙන කෙනෙක් , විශ්‍රාම ගත්තහම මගේ පෞද්ගලික ජීවිතය විදිහට කරන්න තිබුණු වැඩ අතපසු වෙලා තිබුණා , ඒ සඳහා මම බොහොම සතුටින් මගේ කාලය යොමු කරනවා දැන්.හැබැයි විශ්‍රාම ගත්තා කියලා මට එහෙම නිදහසක් නැහැ.විශ්‍රාම ගත්තට පස්සේ බොහෝ දෙනෙක් මා හමුවෙන්න එනවා.පොළොන්නරුවේ ගියත් එහෙමයි ,කොළඹත් එහෙමයි.මම බලාපොරොත්තු වුණාට වඩා ජනාධිපති කාලේ මම හමු නොවූ අය මාව හමුවෙන්න විශාල වශයෙන් එනවා.මම දවස් වෙන් කරල තියෙන්නෙ සති අන්තයේ මම ඉන්න පොලොන්නරුවේ, අඟහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා මම කොළඹ ගෙදර ඉන්නවා . හැබැයි වගකීම් අඩු වෙලාම නැහැ.මහජනයා එනවා ඒ අයගේ නොයෙකුත් ප්‍රශ්න දුක් ගැනවිලි කියනවා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පක්ෂයේ වැඩකටයුතු තියෙනවා ඒ විදිහට තමයි මගේ කාලය ගත වෙන්නේ .

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ ජනාධිපති ධූරයෙන් වගේම දේශපාලනයෙනුත් විශ්‍රාම ගිහිල්ලා කියන එක ද ?

පිළිතුර - කිසිසේත්ම නෑ දේශපාලන වශයෙන් විශ්‍රාම ගන්න බැනේ. සාමාන්‍යයෙන් දේශපාලනඥයෙක් කියන්නේ විශ්‍රාම ගන්න කෙනෙක් නෙමෙයි. රජයේ සේවකයෝ නම් වයස 55 දී 60 දී විශ්‍රාම ගන්නවා දේශපාලකයෝ විශ්‍රාම ගන්නේ නැහැනේ. අද ලංකාවේ ජීවත්ව ඉන්න ජේෂ්ඨ දේශපාලනඥයෝ ගත්තත් මට වඩා වයසින් වැඩි අය කොච්චර ඉන්නවද දේශපාලනයේ. එතකොට පහුගිය අවුරුදු 15 ක් 20 ක් ගත්තොත් කොච්චර අය දේශපාලන වැඩ කටයුතු නිරත වෙලා හිටියා ද? දැන් මෑතකදී අභාවප්‍රාප්ත වුණු දි.මු ජයරත්න මහත්මයා .මම නං එහෙම ලොකු දීර්ඝ කාලයක් දේශපාලනයේ ඉන්නේ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍යය බැරිනම් විවේක ගන්න ඕන. කායික මානසික ශක්තිය හොඳින් තියෙනකම් මම දේශපාලනයේ රැඳී ඉන්නවා.

ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වෙලා මාසෙකුත් සති කීපයක් ගත වෙලා තියෙනවා තියෙනව අලුත් ජනාධිපති තුමා සහ එතුමාගේ ආණ්ඩුව ගතවූ කාලය තුළ ගත් තීන්දු තීරණ ගැන ඔබ කොහොමද දකින්නේ ?

පිළිතුර - අලුත් ජනාධිපතිතුමා හොඳ වැඩපිළිවෙලක යනවා යනවා කියලයි මට නම් පේන්නේ ඒ මොකද විශේෂයම අලුත් ජනාධිපතිතුමාට මට තිබුණු බාධාවන් නැහැ කියලා මට පැහැදිලිව පෙනෙනවා.මම ජනාධිපති ධූරයට පත් වූ දිනට පහුවදා පහුව දා ඉඳලම මට තිබුනෙ හිටපු අයත් එක්ක ගැටුම්. මට ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ, මට පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ ඉතින් ඒ තුළ මම ඉතාම ගැටලුකාරී ප්‍රශ්න රැසක හිටියේ .ඒක රටම දන්නවා, ඒ ගැටුම් ප්‍රතිපත්තිමය ගැටුම්. අලුත් ජනාධිපතිතුමා දේශපාලන පක්ෂයක් නැහැනෙ,දේශපාලන පක්ෂයක නැති එක එතුමාට ලොකු නිදහසක් තමන්ට නිදහසේ තනතුරේ වැඩ කටයුතු කරන්න පුළුවන්. එතුමා දැනට කරගෙන යන වැඩ පිළිවෙල හොඳයි අනෙක අපේ සාම්ප්‍රදායික දේශපාලනය තුළ අපි තවදුරටත් රැඳෙනවා නම් ඒක අපේ රටට කරන බරපතළ වරදක්. ඒක නිසා රටේ අනාගතය ගැන හිතලා අලුත් ජනාධිපතිතුමාට අපි කවුරුත් සහයෝගය දිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

ප්‍රශ්නය - ඔබගේ ධූර කාලයේ ඔබ බොහෝ දේවල් කරන්න උත්සාහ කළා නමුත් කරගන්න බැරි වුණා. ඒ ගැන ඔබට තියෙන්නේ පසුතැවිමක් ද ? කලකිරීමක් ද?

පිළිතුර - මගේ ධුර කාලය තුළ කරපු බොහෝ වැඩ කොටසකුත් තියෙනවා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, මානව නිදහස ඇති කිරීම, මොරගහකන්ද වගේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති,මත්ද්‍රව්‍ය නිවාරණ සටන, දරුවන් සුරකිමු, වකුගඩු රෝග නිවාරණ ආදිය සඳහා ගෙන ගිය ජාතික වැඩපිළිවෙළ වගේ රජයක් විදිහට කරන්න පුළුවන් බොහෝ යහපත් දේවලුත් අපි කළා. ඒ වගේම ඉතාම කළ යුතු දේවල් තිබුණා.ඒවා කරන්න අවස්ථාව මට ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබුණු ප්‍රතිපත්තිමය ගැටුම් නිසයි ඒවා කරන්න බැරි වුනේ. මම ජනාධිපති විදිහට දිවුරුම් දීමත් එක්කම රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති විදිහට දිවුරුම් දුන්නා ,රනිල් වික්‍රමසිංහ මහත්මයා වැඩ කරන්න පටන් ගත්තේ ජනාධිපති විදිහට ඒකෙන් තමයි මේ ගැටුම් ඇතිවුණේ. අනෙක් පැත්තෙන් දේශපාලන හා ප්‍රතිපත්තිමය වශයෙන් තිබුණු වෙනස.මට පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ ,ඇමති මණ්ඩලයක් තිබුණේ නැහැ කරන්න තිබුණු දේවල් බොහොමයක් කරන්න බැරි වුණා වගේම මම විරුද්ධ බොහෝ දේවල් එගොල්ලන් කළා. ඒ විරුද්ධ ඒවා තමයි හමුදාවේ අය අත් අඩංගුවට ගැනීම , හාමුදුරුවරුන් අත්අඩංගුවට ගැනීම, පෙරහරවලට අලි නොදීම, සිංගප්පූරු ගිවිසුම, ඇමරිකන් ගිවිසුම මේ වගේ වැලක් කියන්න පුළුවන්.

මම ජනාධිපති වෙලා රට වෙනුවෙන් හොඳ සිහිනයක් දැක්කා හැබැයි ඒ සිහිනය සැබෑ කරගන්න මට නොදුන්නේ මේ ප්‍රතිපත්තිමය ගැටුම සහ දූෂිත වංචා සහගත පිරිසක් විසින් ගෙන ගෙන ගිය ආණ්ඩුවේ අභ්‍යන්තර වැඩපිළිවෙළයි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ ක්‍රියාකලාපය ගැන සමහර සමහර විවේචන එල්ල කරනවා. ඇතැමුන් කිව්වේ ඔබ පිටුපස ඉඳගෙන සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන්නා කියලයි, අනෙක් හැම දිස්ත්‍රික්කයකම ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද වැඩි වෙද්දි පොළොන්නරුව දිස්ත්‍රික්කය ඔහුට ඡන්ද අඩුවුනේ ඔබගේ ක්‍රියාකලාපය නිසා කියලා තවත් සමහරු චෝදනා එල්ල කරනවා.

පිළිතුර - මම පසුගිය ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජනාධිපතිවරයා බවට පත්වුණා. ලංකා ඉතිහාසයේ මැතිවරණයකදී නිර්පාක්ෂික වෙච්ච එකම රාජ්‍ය නායකයා මම. මම ගැන වැරදි කතා කරනවා වගේම මම ගැන හොඳ කතා කරන පිරිසකුත් මේ රටේ ඉන්නවා. මැතිවරණ කොමිසමේ සභාපති තුමා කිව්වා රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම ගැන සම්මානයක් දෙන්න ඕන කියලා.මම නිර්පාක්ෂික වූයේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදි මම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ මම විදපු කටුක අත්දැකීම මේ රටේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට අත් විදින්නට ඉඩ නොතැබිය යුතු නිසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී පොලීසිය සහ ත්‍රිවිධ හමුදා මගේ යටතේ පවතින නිසා මම නිර්පාක්ශික විය යුතුයි කියලා මම තීරණය කළා .මෙතෙක් පවත්වපු ජනාධිපතිවරණ අතරින් සාමකාමීම ඡන්දය බවට පත් වුණේ මේ ඡන්දය. මීට පෙර සෑම ජනාධිපතිවරණයකම බරපතළ සිද්ධි ඇති වුණා.ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1982 ඡන්දය ඉඳලම බරපතළ සිදුවීම් ඇති වුණා පසුගිය ජනාධිපතිවරණයේ දී එවැනි කිසිදු ගැටුමක් නැහැ. ඉතාම සාමකාමී මැතිවරණයක්. ඒකට හේතුව මම නිර්පාක්ෂික වීම. මගේ මේ ප්‍රතිපත්තිය ඉදිරියේදී සෑම රාජ්‍ය නායකයෙකුම ක්‍රියාත්මක කරයි කියලා මම විශ්වාස කරනවා. මම පිළිබඳව නොයෙකුත් විවේචන තියෙන බව ඇත්ත, හැබැයි ඇත්ත කතාව ඒකයි.

ඊළඟට කියන කාරණාව තමයි පොලොන්නරුවේ ඡන්ද අඩු වුණා කියන කාරණය, පොළොන්නරුව දිස්ත්‍රික්කය විදිහට ගත්තාම ඡන්ද අඩුවීමක් නෑ. මින්නේරිය ආසනය ,මැදිරිගිරි ආසනය ඉතාම ඉහළ වැඩි ඡන්ද ගණනකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළා. ඒ ආසන දෙකම වැඩි ඡන්ද 15000 වැඩියෙන් ජයග්‍රහණය කළා. හැබැයි පොළොන්නරුව ආසනය වැඩි ඡන්ද ගණන හත්දහස් ගණනක්.බොහෝ අය කියන්නේ 2015 මට ලැබුණු ඡන්ද ගණන පොලොන්නරුව ආසනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණේ නැහැ කියලයි. ඒක තමයි ඡන්ද අඩුවුණා කියලා පෙන්වන්නෙ.ඡන්ද අඩු වුණා කියන එක ඇත්ත හැබැයි මේ විවේචනය කරන්නේ කරුණු නොදන්න අය, පොලොන්නරුව ආසනයේ සහ දිස්ත්‍රික්කයේ ජන සංයුතිය පිළිබඳව කිසිම අවබෝධයක් නැති අයයි අවබෝධයක් තිබුණත් දේශපාලන වශයෙන් තියෙන නොදැනුවත් භාවය සහ දේශපාලන කුහකකම නිසා තමයි සමහර අය ඡන්ද අඩු වුණා කියලා මට කියන්නේ.

ඇත්තටම ඇයි චන්ද අඩු වුණේ.පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජන්ද අඩු වුනේ පොලොන්නරු ආසනයෙන් විතරයි. ආසනයේ තියෙනවා මුස්ලිම් සහ දෙමළ ඡන්ද 32000 ක්.දෙමළ ඡන්ද විතරක් තියෙනවා 7000ක්.මුස්ලිම් සහ දෙමළ ඡන්ද 32000 න් 25000ක් විතර පාවිච්චි වෙනවා.ඔය 25000න් ඔක්කොම 2015 දී මට ලැබුණා.හැබැයි රට වශයෙන් ඔබ දකින්න ඇති දෙමළ සහ මුස්ලිම් ඡන්ද පාවිච්චි වුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාට.අන්න ඒක තමයි පොළොන්නරුවේත් සිද්ධ වුණේ. පොළොන්නරුවේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගෝඨාභය මහත්තයට පාවිච්චි වුනේ නැ. ඒක තමයි ඇත්ත තත්ත්වය නමුත් මේ පිළිබඳව ඉතාම වැරදි දේවේශ සහගත විවේචනයි තියෙන්නෙ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයේදී ස්වාධීනව හිටපු ඔබ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී කියලා තිබුණේ මහ ඡන්දයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බලය තියෙන ආණ්ඩුවක් හදන්න කැපවෙන්න ඕනේ කියලයි, ඔබතුමා ගියර් එක මාරු කරලා කියලා සමහරු කියනවා .

පිළිතුර - දේශපාලනඥයෙක් විදියට වැඩ කරන කොට රට ගැන හිතන්න ඕන .අනික දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් නැ සදාකාලික සතුරෝත් නැ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යහපත් වැඩපිළිවෙළක් ගෙනියන බව පෙනී ගියා ඒ නිසා අප එතුමාට සහයෝගය දිය යුතුයි. ඒකයි මම මුලින් කිව්වේ සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් වෙන්න ඕනෑ කියලා. ආණ්ඩුවක් ආපුවහම ආණ්ඩුව ආපු දවසේ ඉඳල වට්ටන්න හදන විපක්ෂයේ දේශපාලනය රට වෙනුවෙන් දැන් වෙනස් වෙන්න ඕන, රට ගැන හිතනවා නම් අලුතින් පත්වූ ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕන. ඒ හැරෙන්නට අපි එතනින් එහා පෞද්ගලිකත්වය ගැන හිතන්න අවශ්‍ය නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන මම දන්නෙ පසුගිය අවුරුදු 15 විතර ගත්තාම එතුමා රට ගැන හිතන විදිය මම පෞද්ගලිකවම දන්නවා. ඉතිං ඒක නිසා ඔය විචාරකයෝ වගේ අවිචාර විචාරකයෝ ඕනතරම් ඕන තරම් ඉන්නවා.හැබැයි දේශපාලන යථාර්ථය අපි තේරුම් ගන්න ඕන ඒ අනුව අපි තීන්දු තීරණ ගත යුතු වෙනවා.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මැතිවරණයේදී එතුමාට සහයෝගය දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෑත ඡන්ද ප්‍රමාණය 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී පෙන්නුවා. අපි ඒකෙදි ඡන්ද ලක්ෂ 17 කට වැඩිය ගත්තා. අපි ගත්ත ඡන්ද ප්‍රමාණය ඇතැම් මාධ්‍ය , සමහර විවේචකයෝ ඒ වෙලාවෙ නිවැරදි විදිහට පෙන්නුවෙ නැ.මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරපු වැඩි ඡන්ද සංඛ්‍යාව ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් සහයෝගය නිසා එතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට හැකි වුණු බව බොහොම පැහැදිලිව පේනවා. මම කලින් කිව්ව මම නිර්පාක්ෂක වුණේ ඇයි කියලා.මම තනතුරේ ඉදිද්දි නිර්පාක්ෂිකව ඉඳපු බව ඇත්ත නමුත් මෙම දේශපාලන ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න ඕන, මම දේශපාලන ජීවියෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට පාර්ලිමේන්තු මැතිවරණයකදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න සහයෝගය දීමයි අවශ්‍ය වෙන්නේ .

ප්‍රශ්නය - පහුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණ අතර ඇතිකරගත් එකඟතාව වුණේ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරග කර මහ මැතිවරණයට පුටුව ලකුණින් යමු කියලයි. පොහොට්ටුවේ සමහර අය කියන්නේ මහ මැතිවරණයටත් පොහොට්ටුවෙන්ම තරග කළ යුතුයි කියලයි . ඒ අනුව ඉදිරි මහ ඡන්දයට ඔබතුමාට තරග කරන්නේ පොහොට්ටුවේන්මද?

පිළිතුර - ඒක ඉදිරියේදී රැස්වන පක්ෂ නායකයන් විසින් සාකච්ඡා කර තීරණය කළ යුතු දෙයක් අපි අත්සන් කරපු ගිවිසුම් වල ඒ පිළිබඳ එකඟතාවයන් තියෙනවා. සන්ධානගත වීම පක්ෂ නායකයන් අත්සන් කරලා තියේනවා. ඉදිරියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කර ඒක තීරණය කරාවි.

ප්‍රශ්නය - මේ ප්‍රශ්නය ඔබතුමා ගෙන් ඇසිය යුතුමයි.මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් අප්‍රේල් අග මහ ඡන්දය එනවා. ඔබතුමා මහ මැතිවරණයට තරග කරනවද?

පිළිතුර - මම පැහැදිලිවම පොළොන්නරුවෙන් තරග කරනවා.

ප්‍රශ්නය - ඒ අලුතින් හැදෙන සන්ධානයකින් ද ?

පිළිතුර - ඔව්. ඒ ගැන සැකයක් නැහැ.

ප්‍රශ්නය - ෆවුසි මන්ත්‍රීවරයා සිය ධුරයෙන් ඉවත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේ ඔබතුමාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න කියලා ඔහු චෝදනා කළා. මේ චෝදනාවට ඔබගේ පැත්තෙන් වලංගුභාවයක් තියෙනවද ?

පිළිතුර - ෆවුසි මන්ත්‍රීතුමා ඔය කතා කරන්නේ නිවැරදි දේ නෙමෙයිනේ. එයා එක්සත් ජාතික පක්ෂයට ගියා. පක්ෂයේ විනය පරීක්ෂණ තිබුණා. එක්සත් ජාතික පක්ෂයට ගිය අනෙක් මන්ත්‍රීවරුන් විනය පරීක්ෂණයට ආවා.මේයා ආවේ නැහැ.ඒ අනුව විනය මණ්ඩලය තීරණය කළා මෙයාව මන්ත්‍රීධූරයෙන් නෙරපිය යුතුයි කියලා .අනේ පක්ෂ ව්‍යස්ථාව තුලයි.ඒ හැරෙන්න ෆවුසී ඉවත් කරලා මට පාර්ලිමේන්තුවට එන්න වුවමනාවක් නැහැ.මම පාර්ලිමේන්තුවට එනවනම් එන්නෙ මැතිවරණයකට තරග කරලා මිසක් ෆවුසිලා පිනට ගියා වගේ මම යන්නේ නැහැ.හැබැයි ඒ ගොල්ලන්ට මුල අමතක වෙලා තියෙනවා.ඒ කාලේ නම් මම බොහොම හොඳයි ඒ ගොල්ලන්ට.

ප්‍රශ්නය - රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ වැරදිකරුට ඔබ ජනාධිපති ධූරයෙන් විශාම යන්න ඔන්න මෙන්න තිබියදී සමාව දීම ගැන ඔබට චෝදනා එල්ල වෙනවා.ඔබ ගත් ඒ තීන්දුව වැරදියි කියලා දැන් හිතෙන්නෙ නැද්ද?

පිළිතුර - රෝයල් පාර්ක් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා නිදහස් කිරීම ගැන කතා කරන්නෙ මේ රටේ මට කලින් හිටපු ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයගෙ කාලෙ ඉදලා හිටපු ජනාධිපතිවරුන් නිදහස් කරපු අය ගැන දන්නෙ නැතිවයි.මට කලින් හිටපු ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයගෙ ඉදලා සියලු ජනාධිපතිවරැන් නිදහස් කිරීම් කරල තියනවා.මම පාතාලයෙක් නිදහස් කලෙත් නෑ.මම එක දිගට අපරාධ කරන අයි.ආර්.සී කාරයෙක් නිදහස් කලෙත් නෑ. ඇත්තටම මීට පෙර ජනාධිපතිවරුන්ට දැඩි විවේචන සහ චෝදනා තිබුනා ඔය ව්‍යවස්ථාපිත බලය තුල හිරේ ඉන්න අය නිදහස් කිරීම සම්බන්ධයෙන්.ඕක මට විතරක් තියෙන අලුත් දෙයක් නෙමෙයි.හැබයි ඒ කලින් ජනාධිපතිවරැන්ට තිබුන චෝදනා මිනිස්සුන්ට දැන් අමතකයි.දැන් ඒව යට ගිහිල්ලනේ. සාමාන්‍යයෙන් කියනවානේ අපේ අයට හත් දවසක් ගිහාම ඔක්කොම අමතක වෙනවා කියලා.ඒක තමයි වෙලා තියෙන්නේ.

ජනාධිපතිවරැන්ගෙන් මම තරම් කවුරුවත් නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය දුන්නෙත් නෑ.දුන්න නිදහසෙන් මට තරම් ආපසු ගැහුවෙත් නෑ.ඒ මොකද ජේ.ආර්.ජයවර්ධනගේ ඉදලම හිටපු අයට ගැහුවනම් ඒ අය ආපහු ගහනවා.ඒ ඔක්කොම ඒ ගැහිල්ල ගහලා තියනවා.මම තමයි ආපහු හැරිලා ගහපු නැති මිනිහා.ඒ තමයි මම දුන්න ප්‍රජාතන්ත්‍රවාදය.

රෝයල් පාර්ක් ගැන කතා කරන්නෙ ජේ.ආර්.ජයවර්ධනගේ ඉදලා නිදහස් කරපු අය දැන් දන්නෙ නැති නිසයි.රොයල් පාර්ක් සිද්ධියට සම්බන්ධ මේ ජූඩ් කියන පුද්ගලයා අවුරුදු 15ක් හිරේ ඉදලා තියනවා.ඔහුගෙ මරනීය දණ්ඩනය ඉවත් කරලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශය සාමාන්‍යයෙන් මරණීය දණ්ඩනයට ලක් වෙච්ච කෙනෙක් හිරේ ඉන්නකොට යහපත් කල් ක්‍රියාවෙන් ඉන්නවා නම් ඒක අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තියන බලතල තුල මරණීය දණ්ඩනය ඉවත් කරන්න පුළුවන්.මේකත් එහෙම ඉවත් කරලා තියෙන්නේ.2016 දීයි මේක ඉවත් කරලා තියෙන්නේ.ඒ ඉවත් කරලා තියෙන්නේ මගේ උවමනාවට නෙමෙයි.ඒ වාර්තාවෙ හැත්තෑ ගානක් තිබුනා.ඒ හැත්තෑ ගානටම මරණීය දණ්ඩනය නියම වෙලා ඉදපු අය.ඔවුන් සියලු දෙනා ජීවිතාන්තය දක්වා හිරේට දැන්මා.එතකොට මේ තැනත්තත් ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න නියම වෙච්ච කෙනෙක්.ඔහු නිදහස් කරන්න කියලා ඔහුගේ පවුලේ අයත් එක්ක ඇවිත් මගෙන් තදින්ම ඉල්ලීම් කරන්න ගත්තෙ අතුරලියේ රතන හාමුදුරුවොයි. උන්වහන්සේ තමයි ඒ පවුලේ අය කිහිප විටක්ම මම ගාවට අරගෙන ආවෙ.ගෙනල්ල රතන හාමුදුරුවෝ තමයි මේ පුද්ගලයා ගැන කිව්වෙ.මෙයා යහපත් කල් ක්‍රියාවෙන් ඉන්න කෙනෙක්,බොහොම විනයක් තියනවා.වැරදි කරන්නෙ නෑ කියලා කිව්වා.අවුරුදු 15ක් හිරේ ඉදිද්දි බාහිර උපාධිය කරලා සමත් වෙලා තියනවා.පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා පාඩම් කරමින් ඉන්නවා කියලත් උන්වහන්සේ කිව්වා.මමත් ඒ ගමන වාර්තා කැදෙව්වා.අධිකරණ අමාත්‍යාංශය ඒ වාර්තා එව්වා.ඔහුගේ යහපත් කල්ක්‍රියාව, හිරේ ඉදිද්දි ඔහු උපාධිධාරියෙක් වුනා, පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා දැන් පාඩම් කරනවා කියලා එවලා තිබුනා.රතන හාමුදුරුවෝ වගේම බද්දේගම සමිත හාමුදුරුවෝ එසේම කිව්වා. හිරකාරයෙකුට සමාව දීම සම්බන්ධයෙන් අධිකරණය අමාත්‍යාංශයේ කමිටුවක් තියනවා.ඒ කමිටුව හත් දෙනෙකුගෙන් සමන්විත වෙනවා.ඒ කමිටුව මේ පුද්ගලයාට සමාව දීම අනුමත කරලා තියනවා.කතෝලික පූජකතුමන්ලා ඇතුළු මේ වගේ රාශියක් ඉල්ලීම් කරලා තිබුනා.ඒ ඉල්ලීම් එක්ක රතන හාමුදුරුවොත් ඇවිත් නිතර මේ ගැන ඇවිටිලි කරන්න ගත්තා.

ඒ ඉල්ලීම් අනුව මමත් කල්පනා කලා අවුරුදු 15ක් හිරේ ඉදලා තියනවා නම් බාහිර උපාධිය කරලා නම් දැන් පශ්චාත් උපාධියකට පාඩම් කරනවා නම් මොහු තවදුරටත් අපරාධකාරයයෙක් නෙමෙයි කියන විශ්වාසය තබන්න පුළුවන්.ඇත්‍තටම ජූඩ් නෙමෙයි තවත් අය හිරේ හිටිය නම් හිරේ ඉදන් උපාධියක් කරලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අය හිටිය නම් මම ඒ අයත් නිදහස් කරනවා. සිරකරුවන් නිදහස් කිරීම ගැන අවබෝධයක් නැති අයයි මට මේ ගැන චෝදනා කරන්නේ.සිරකරුවන් නිදහස් කිරීම ගැනජාත්‍යන්තරව ඇති කරගත් ප්‍රඥප්ති තියනවා.ඒ ප්‍රඥප්ති තුල බලන්නෙ හිරේ ඉන්න මිනිහෙක් හැමදාම හිරේ දාලා ඉන්න නෙමෙයි. මිනිහෙක් හිරේ දාන කරුනු දෙකක් තියනවා. එකක් තමයි සමාජය තුල නිතර නිතර වැරදි කරනවා නම් නිතර නිතර අපරාධ කරනවා නම් ඔහු සමාජයෙන් ඈත් කරලා තියන එක.ඊලග කාරනය තමයි ඔහු හිරේ දාල තියනකොට ඔහු එතන යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න බව පෙනී යනවා නම් ඔහු හිරෙන් එලියට දාන එක. මම තරම් හිරකාරයො නිදහස් කරලා නෑ කිසිම ජනාධිපතිවරයෙක්.මම දෙදහස් ගාන්ක් නිදහස් කරලා තියනවා.

සියලු හිරකරුවෝ මනුෂ්‍යයෝය කියලා වැලිකඩ හිරගෙදර බිත්තියේ ගහලා තියනවා.අපි මිනිස්සු දිහා බලන විදිහක් තියනවා.මාව මරන්න ආපු එල්.ටී.ටී.ඊ කාරයා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙලා තියෙද්දි මම ජනාධිපති වෙලා ඔහු නිදහස් කලා.දැක් කවුරුවත් ඒව ගැන කතා කරන්නෙ නෑ.මම එහෙම කෙනෙක්. මිනිහෙක් හොද මිනිහෙක් බවට පත් කරන්න පුලුවන් නම් මම ඒ දෙස බලනවා.

මම ලොකු පගාවක් අරගෙන මේව කලා කියලා මට මඩ ගහනවා.හිරකාරයො නිදහස් කරලා පගා ගන්න ඕන මිනිහෙක් නෙමෙයි මම.මම මම අවුරුදු 52ක දේශපාලන ජීවිතය තුල ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරපු කෙනෙක්. මම මිනිස්සු දෙස බලන්නෙ මානව හැගීමෙන්. දේශපාලනඥයෙකු විදිහට එන විවේචන වලක්වන්න පුළුවන්කමක් නෑ.

ප්‍රශ්නය- ඔබ ජනාධිපතිධූරයේ සිටි කාලයේ පොලොන්නරුවේ දූශිත වැලි ජාවරමක් සිදුවූ බවට සමහරු චෝදනා කරනවා.

පිලිතුර - 2015 මම ජනාධිපති වෙලා තමයි පොලොන්නරුවේ දූෂිත වැලි ව්‍යාපාර නැවැත්වූයේ.පොලොන්නරුවේ මනම්පිටියේ මහවැලි ගඟෙන් පුද්ගලිකව බලපත්‍රලාභීන් විදිහට වැලි ජාවාරම්කාරයන්ට බලපත්‍ර දීලා වැලි ගොඩදාන්න තිබුන එක මම ජනාධිපති වෙලා පළවෙනි සතියේම නැවැත්වූවා.ඒකෙන් තමයි මහවැලි ගඟ විනාශ වුනේ.පරිසරය විනාශ වුනේ .ජාවාරම්කාරයන්ගෙ වැලි ඇදිල්ල නවත්තලා, කැණීම් සහ ඇදිම මම ඒක භූ විද්‍යා හා පතල් කාර්‍යංශයට භාර දුන්නා.එතකොට මගේ කාලය තුල වැලි ගොඩ දැම්මේ භූ විද්‍යා හා පතල් කාර්‍යංශයෙන්.ඔය ඊයෙ පෙරේදා පාරවල් ඉස්සරහ බෝර්ඩ් උස්සගෙන් පිකටින් කලේ 2015ට ඉස්සර හොරෙන් වැලි ජාවාරම් කරපු අය තමයි.ඒ ගොල්ලන්ගෙ ඉල්ලීම නැවත පුද්ගලිකව වැලි බලපත්‍ර ලබා ගැනීමයි.ඒ කෑගහපු අයට ඒ කාලෙ තැනක් තිබුනෙ නෑ. භූ විද්‍යා හා පතල් කාර්‍යංශය මගේ කාලේ මනම්පිටියේ වැලි ගොඩ දැම්මෙ. මනම්පිටියෙ වැලි ජාවාරම නැවැත්වූයේ මම.පස් වැලි කියන්නෙ විශාල ජාවාරමක්නෙ.මේක ජාවාරම්කාර ව්‍යාපාරයක්.මම ඒකට තදින්ම හිටපු කෙනෙක්.මම පරිසරය ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා.ඒ නිසා ඔය කරන චෝදනා සියල්ල මම ප්‍රතික්ෂේප කරනවා.ඒවා සියල්ල දේශපාලන අවලාද සහ මඩ විතරයි.

ප්‍රශ්නය - ඔබ විශ්‍රාම ගිහාම ඉන්න කොළඹ 07න් රු.කෝටි 800ක ගෙයක් අනුමත කරගත්තා කියලා චෝදනාවකුත් එල්ල වෙනවා.ඒ ගැන මොකද කියන්නෙ.

පිලිතුර - ඒ ගැන අහපු එක හොදයි.මට විශ්‍රාම ගිය ජනාධිපතිවරයා විදිහට ඉන්න ලැබිලා තියන ගෙයි වටිනාකම නම් මම දන්නෙ නෑ.මොකද මම වටිනාකම බැලුවෙ නෑ.බලන්න වැඩකුත් නෑ.අටසීයද,සීයද,පනහද,හැටද මට වැඩක් නෑ.මේක ආණ්ඩුවෙ ගෙයක්නේ.ආණ්ඩුවෙ ඉඩමක්.මීට කලින් ජනාධිපතිවරුන් පස්දෙනෙක් හිටියනේ.ඒ පස්දෙනාට විශ්‍රාමිකම ලැබෙන පහසුකම්වලට අමතර දෙයක් මම අරගෙන නෑ.වැඩිම වටිනාකම තියන ගේක ඉන්නෙ විශ්‍රාමික ජනාධිපති විදිහට මම නෙමෙයි.අන්න අර ටොරින්ටන් වල ඉන්න කෙනා.ඒක තමයි වැඩිම වටිනාකම තියන එක.ඒව කවුරුවත් කතා කරන්නෙ නෑ.දැන් මීට කලින් ජනාධිපතිවරැන් පස්දෙනෙකුට මේවා ලැබුනා. හැබැයි කිසිකෙනෙක් මේව කතා කලේ නෑ.ඇයි මට විතරක් කතා කරන්නේ.දන්නවා මම ආපහු පැනල ගහන මිනිහෙක් නෙමෙයි කියලා.ඒක තමයි ඔය කියන විවේචන.අමූලික පට්ටපල් බොරුනෙ මේ.මේක ගෙවල් තුනක් එකට එකතු කරල කියනවා.මම නම් එක ගෙයක්වත් එකතු කලේ නැහැ.මම මේ ඉන්න ගේ ගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමාගෙන්.මට කලින් මේ ගෙයි හිටියේ ඇමතිවරයෙක්.කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය ඇමති විදිහට ඉද්දි තමයි මේ ගෙයි හිටියේ.එතුමාගෙන් මම මේ ගේ ගත්තේ.එතුමාගේ ගේ මම රෙපෙයාර් කරලා ගත්තා.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'