Logo
2020 මාර්තු මස 30 වැනි සඳුදා

මැස්සාට කඩුවෙන් කෙටීම!

කැළුම් ජයසුමන


-
මහින්ද-ගෝඨා සුසංයෝගය යනු අපගේ කඳවුර මී වදයක් නම් එම මී මැසි කඳවුර මේ මොහොතේ ඒකරාශී වී ඇති රජ මැස්ස්සියෝ දෙපලයි. නමුත් බරපතල වෙනස් කමක් මේ දෙදෙනා අතර ඇත. එය තේරැම් බේරැම් කර නොගන්නා බයි කඳවුරේ කවරෙකු උවද දැන හෝ නොදැන කරමින් සිටින්නේ බරපතල වරදකි. එය හරියටම තමා විසින් වදන ලද බළල් පැටව් බුදින බැළලියක කරන වරද වන් වරදක් මිස අන් යමක් නොවේ.
මහින්ද රාජපක්ෂ යනු වසර 40කට වඩා වැඩි දේශපාලන ගමන් මගක පැමිණෙමින් එය වටා ක්‍රමිකව ගොනු වූ පිරිසකගේ ආත්මීය බැඳීමක උච්චතම ප්‍රථිඵළයකි. එය සනාථ කරමින් පැරදී ගෙදර ගිය ඒ උතුම් මනුෂ්‍යකමින් පිරි ආදරණීය නායකයා වටා මිනිසුන් පෙල ගැසුනු හැටි මනාව පසක් කරයි. එය පැරදී ගෙදර ගිය කිසිදු ජනාධිපතිවරයෙකුට ලැබූ ප්‍රතිචාරයක් නොවේ. එහි එකම හිමිකරැවා ඔහු පමණි. ඒ ඔහු මේ රටේ සාහාන්‍ය ජනයාගේ හදවතේ ලැගුම් ගත් එකම නායකයා නිසාය. මහින්ද රාජපක්ෂට විශාල සබඳතා,හිතවත්කම්,යුතුකම් ඉටු කල ඉටු කිරීමට ඇති සංවේදී මිනිසෙක් බව අමතක නොකල යුතුය. ඔහුට සර්ව සම්පූර්ණ තීණ්දු තීරණ ගත හැකි නායෙකයෙක් විය හැකිය. නමුත් ඒ සියල්ල යාන්ත්‍රිකව ගැනීමට නොහැකි බැඳීම් ඔහුගේ වසර 40කට වැඩි දේශපාලන බැඳීම් දෙස් දෙයි.ඔහු ආදරණීය නායකයෙකු වන්නේ ඒ නිසාමය.ඔහුට පණ මෙන් ආදරය කරන බොහෝ අහිංසක ගැමි ගොවි අර්ධ නාගරික මිනිසුන් අමතක කර ඔහුට කල හැකි දේශපාලනයක් දැන් නැත.මහින්ද නම් ඒ ඔහුමය.
ගෝඨාභය රාජපක්ෂට මේ කිසිවක් අදාල නැති බව සත්‍යකි. ඔහුව පැතූ බොහෝ පිරිස් මධ්‍යම පාන්තික බටහිර දැනුමෙන් වියත් වූ බොහෝ විට අර්ධ සහ පූර්ණ යාන්ත්‍රික හදවත් ඇති යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් වැනි වඩා බටහිර පන්නයේ වටිනාකම් ඉහලින් සලකන පිරිස්ය. ඔවුන්ද මේ සමාජයේ අනාගතයේ බහුතරය වන පිරිසය. ඔවුන්ද මේ ගමනට අත්‍යාවශ්‍ය පිරිසකි. මේ දෙකම කලමණාකරණය කර ගනිමින් ඉදිරි අනාගත ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සමබර ගමණක් යා යුතුය.
ඒ නිසාම අතුරුඵළ ප්‍රතිඵළය බවට පත් වීම වැලක්වීම අප කාගේත් පරම වගකීම බව අමතක නොකල යුතුය.

-කැලුම් ජයසුමන







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'