Logo
2020 සැප්තැම්බර් මස 21 වැනි සඳුදා

සියලුම මැතිවරණයන්හීදී දූශණය වන කන්තලේ සීනීකම්හල

ඉන්දික කුමාර


1960 සිරිමාවෝ බන්ඩාරනායක අතින් විවෘත වූ මෙය 1994 වන විට සම්පුර්ණයෙන් අකර්මණ්‍ය තත්වයට පත් වෙන අතර පැවති සියලුම රජයන්හි දේශපාලන කාක්කන් විසින් විටින් විට පැමිණ මෙහි පවතන වටිනා කියන දෑ විකුනා ඔව්නගේ මඩිය තර කර ගැනිමට කටයුතු කරන්නේ එහි සිටි සමහර සේවකයින්ගේද අත් උදව්වෙනි.

වතුරෙහි එබූ රබර් බෝලයක් සේ චන්ද කාල සීමාව ආසන්න වන විටම පුරුදු ප්‍රකාරව මෙවරද මෙහි කතිකාවත් ආරම්භ වී ඇත.

සියලුම තරුණියන් විසින් මෙම කර්තව්‍යයට අත ගැසීම එක් අතකට සතුටු වූවද.මනසින් විමසා බැලීමේදී සමහර තැන් පරස්පරය.ඒ මක් නිසාද යත්,

2015 වසරෙදි රජයට වැඩි හිමිකාරිත්වයක් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස කටයුතු ආරම්භ කිරීමට මෙම ආයතනය MG sugar ආයතනය වෙත 49% හා රජයට 51% ලෙස කොටස් සහිතව පවරා දුන් අතර එහිදීද පුරුදු ලෙස පගා කාක්කෝ විසින් ජරාව ගැනිමට හිල්ටන් හෝටලයේදී සිටින විට අසුවී මේ වන විට ඔව්න් හිර බත් කමින් සිටී.

නැවතත් ගිවිසුම කඩ කරමින් මෙහි පවතින අබලි යකඩ ද්‍රව්‍ය රජය විසින් විකිනීමට එරෙහිව MG sugar ආයතනය විසින් arbitration case එකක් පැවරු අතර මීට දින කිහිපයක් ඉහතදී ඔව්න් එම නඩුවෙන් ජයග්‍රහණය කර ඇත.මේ වන විට මෙහි අක්කර 400 පමනක් රජය විසින් නිකුත් කර ඇති අතර.ඉතිරියද නිල වශයෙන් බාර දුන් විට ඔව්න්ගේ කටයුතු පටන් ගැනීමට ඔව්න් සියලු සැලසුම් සකස් කර අවසන්‍ය.

ඉතින් අප ඔබ කලයුත්තෙ මෙය නැවත් රජයට පවරා ගන්න යැයි බල කරමින් මෙහි සිදුවන කටයුතු අඩපණ කර නැවත් වසර ගනනාවකට නඩු කීමෙන් මෙහි දැනට සේවය කරන්නවුන්ගේද රැකියා අහිමි කිරිම නොව තරුණයන් වශයෙන් අප කල යුත්තේ MG sugar එක නිවරදි නායකත්වයකට යොමු කිරිමට බල කිරිමයි.
එහි යම් අකටයුතුකම් වේ නම් එවා හෙලිදරව් කිරීමයි.

එනිසා අප ප්‍රායෝගික ලෙස සිතා කටයුතු කල යුත්තේ දැනට කටයුතු ආරම්භ කිරීමට වෙර දරන MG sugar එක හට සියලු කටයුතු කර ගැනීමට අප තරුණයන්ගේ සහය ලබා දීමයි.නැත්නම් අපට සිදුවනුයේ මාද ඇතුලුව එහි ජීවත් වූ අය පසුගිය සෑම මැතිවරණයකදීම රැවටුනා සේ මෙම කතිකාවතට එල්ලී සිටින සියලුම අයට රැවටි අවසානයෙදී කව්රුන් හෝ දෙශපාලන හොරෙකු මින් වාසි ගන්නවා බලන් හිල්ලීමට පමනි.

මදුශංක





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'