ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් ආයතනය සමත්ව වී ඇත. මීට පෙර Gmail සහය දැක්වූයේ, භාෂා 58ක් සඳහා පමණක් වූ අතර මෙම නවතම එක් කිරීමත් සමග Gmail සඳහා භාවිත කළ හැකි භාෂා සංඛ්‍යාව 71ක් දක්වා වර්ධනය වී ඇත. "/>
ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් ආයතනය සමත්ව වී ඇත. මීට පෙර Gmail සහය දැක්වූයේ, භාෂා 58ක් සඳහා පමණක් වූ අතර මෙම නවතම එක් කිරීමත් සමග Gmail සඳහා භාවිත කළ හැකි භාෂා සංඛ්‍යාව 71ක් දක්වා වර්ධනය වී ඇත. ">
Logo
2020 මාර්තු මස 31 වැනි අඟහරුවාදා

ඉදිරි මහා මැතිවරණය සඳහා යෝජනාවක්.

නලින් ද සිල්වා


ධර්මාශෝක රජතුමාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය නිසා අපට ලැබුණු මහැඟි ම දායාදය ථෙරවාදී බුදු දහම වුවත්, ඒත් සමඟම අපට ලැබුණ බෞද්ධ රාජ්‍යය පිළිබඳ සංකල්පය ද අතිශයින් වැදගත් වේ. ඒ එය ක්‍රි.පූ තුන්වන සියවසේ පමණ සිට 1815 දී අප රට ඉංග්‍රීසින්ට යටත් වන තෙක් වසර දහස් ගණනක් රටේ සාර්ථකව ස්ථාපිත පාලන ව්‍යුහයක් ලෙස පැවතුන නිසාය. මේ පිළිබඳ විදිමත් පැහැදිලි කිරීමක් ඉංග්‍රීසි ජාතිකයෙකු වන මහාචාර්ය ට්‍රෙවෝ ලින් ඔහුගේ The Buddha: The Social - Revolutionary Potential of Buddhism නම් කෘතියේ දක්වා ඇත. පැරණි භාරතයේ අශෝක අධිරාජ්‍යයාගේ පාලන තන්ත්‍රයේ ලක්ෂණ අනුසාරයෙන් ගොඩනඟා ඇති නිසා අශෝක බෞද්ධ රාජ්‍යය (Ashokan Buddhist state) ලෙස ඔහු එය හඳුන්වයි. මහාචාර්ය ලින් පෙන්වා දෙන ආකාරයට එම රාජ්‍යය සැදී ඇත්තේ ප්‍රධාන කොටස් තුනකින් ය. එනම් භික්ෂූන් වහන්සේ, බෞද්ධ රජු හා ජනතාව වේ. මෙම කොටස් තුන අතර පැවතුනේ ත්‍රිකෝණාකාර සම්බන්ධයකි. මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ අප රටට ද හඳුන්වා දුන් මෙම බෞද්ධ රාජ්‍ය සංකල්පය, ඒ හිමියන්ගේ ජීවිතයේ අවසාන කාලය වනවිට එහි මූලික සාධක තුන සහිතව අපේම වු පාලන ව්‍යුහයක් බවට පත්විය. අප එය හඳුන්වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය ලෙසටය. බුදු දහම පැමිණීමට පෙරත් අපටම ආවේනික වූ පාලන තන්ත්‍රයක් තිබුණු බවට විශේෂයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවූවත්, පණ්ඩුකාභය රජු විසින් දමා තිබූ ශක්තිමත් රාජ්‍යයකට වූ අඩිතාලම බුදු දහමේ ආගමනයත් සමඟ විශේෂ කේන්ද්‍රීය පරිවර්තනයකට යොමු විය.

සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස සමාජගත කිරීමෙහි ලා විශාල මතවාදී දායකත්වයක් ලබාදුන් ආචාර්ය නලින් ද සිල්වා මහතා, ට්‍රෙවෝ ලින්ගේ අදහස පැහැදිලි කර තිබුණේ මේ ආකාරයටය.

" ට්‍රෙවෝ ලින් මහතා දක්වා ඇති ආකාරයට බෞද්ධ රාජ්‍යය රජු, සංඝයා වහන්සේ, ජනතාව යන ත්‍රිකෝණය මත පිහිටියේ ය. රජුගේ කාර්යය වූයේ ජනතාවගේ සිත් සතන් පිනවමින් පියෙකු දරුවන් රැකබලා ගන්නා සේ ජනතාව ආරක්ෂා කිරීමය. (මෙය බැටළු රැළ රැකබලා ගන්නා එඬේරාගේ සංකල්පයෙන් වෙනස් ය. ජනතාව බැටළුවන් ලෙස සැලකීමක් මෙහිදී සිදුනොවේ. බටහිර රාජ්‍ය සංකල්පයේ එක් කොනක මෙම බැටළු සංකල්පය අැත).

සංඝයා වහන්සේ රජුට හා ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ. මෙහිදී වැදගත් වන්නේ සංඝයා වහන්සේ ධර්මයෙන් පමණක් නොව අර්ථයෙන් ද අනුශාසනා කළ බවය. ජනතාව රජු මෙන්ම සංඝයා වහන්සේ ද නඩත්තු කළහ. මෙම ත්‍රිකෝණය සමබරව තබා ගත් විට එය යහපත් රාජ්‍යයක් විය. ත්‍රිකෝණයේ එක් කොනක් ඉතා බලවත් වූ විට හෝ දුර්වල වූ විට රාජ්‍යය අවුල් වී ගියේය. "

අපගේ ඉතිහාස වංශකතා පිරී තිබෙන්නේ මෙම සාධක තුනේ සමතුලිතතාවය අහිමි වී ගිය අවස්ථා හා නැවතත් එම සමතුලිතතාවය ඇති කරගැනීමට අපගේ මුතුන් මිත්තන් දැරූ ප්‍රයත්නයන් ගෙන්ය. ජනතාව සෑමවිටම අපේක්ෂා කලේ රටේ ආරක්ෂාව සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කළහැකි ⁣ශක්තිමත් බෝධිසත්ව රජෙකුය. රට අනතුරකට මුහුණ පාන විට ඔවුන් රජු හා එක්ව අනතුර පහව යන⁣ තෙක් ක්‍රිය කළහ. විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව දිවි පරදුවට තබා සටන් කළහ. මෙම සමතුලිතතාවය පැවති කාලයන් අප රටේ පැවති සාමකාමීම කාලපරිච්ඡේද බව ඉතිහාසය දෙස බැලීමෙන් පැහැදිලි වේ.

1815 දී සිංහල බෞද්ධ රාජ්‍යය අහිමි වීම යනු මෙම ත්‍රිකෝණාකාර සම්බන්ධයේ බිඳ වැටීමයි (බෞද්ධ රජු ඉවත්වීම). 1816 - 18 ඇතිවූ සිංහලේ විමුක්ති සටන මෙම සම්බන්ධය යලි ස්ථාපිත කිරීමට සිංහලයන් දැරූ උත්සහයකි. නමුත් විවිධ හේතූන් නිසා එය අසාර්ථක විය. පසුව බ්‍රිතාන්‍ය පාලන කාලයේදී මෙන්ම නිදහසින් පසු ඇතිවූ රජයන් තුල ද තිබුණේ සිංහල බෞද්ධ රාජ්‍යයක තිබිය යුතු ත්‍රිකෝණාකාර සම්බන්ධය හීන වූ ලක්ෂණයන්ය.

විදේශ ආක්‍රමණ හා සංක්‍රමණ ආදිය නිසා ජන සංයුතියේ සැලකිය යුතු වෙනසක් පැරණි යුග වලට සාපේක්ෂව මේ වනවිට ඇතිවී තිබුණත් ශ්‍රි ලංකාවේ වාසය කරන සියලු ජන කණ්ඩායම් එ්කරාශී කරගනිමින් සිංහල බෞද්ධ රාජ්‍යය ආකෘතිය නැවත ස්ථාපිත කිරීමේ අවස්ථාවක් දැන් ඇති වී තිබේ. භික්ෂූන් වහන්සේට අමතරව අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ අනුශාසනා ද රජය පිළිගනිමින් මෙම ආකෘතිය පවත්වාගෙන යා හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය, පෙර පැවති පාලන කාලවලට සාපේක්ෂව මෙම සිංහල බෞද්ධ රාජ්‍යය ආකෘතියට නව ජීවයක් දියහැකි විභවයක් සහිත පාලනයක් බව අපට පෙනී ගොස් ඇත. නමුත් එය තනි පුද්ගලයෙකු වශයෙන් ජනාධිපතිවරයාට පමණක් කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා ඔහුට ජාතිකත්වය අගයන පුද්ගලයන් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ද තිබිය යුතුය.

1816 -18 සිංහලේ විමුක්ති සටනට දේශපාලන නායකත්වය සැපයූ උඩරට නායකයන් සිහි ගන්වමින්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම කාලය, ධනය, ශ්‍රමය කැපකළ ජාතිමාමක පුද්ගලයන් බොහොමයක් අතරෙන් තිදෙනෙකු අපට ඉදිරි පාර්ලිමේන්තුව සඳහා තෝරා පත්කර යැවීමට යෝජනා කළහැකිය. ඔවුන් නම්, වසර 30ක් හමුදා සේවයේ නියුතුව සිටි, මානූෂීය මෙහෙයුමේ දී මූලික කාර්යභාරයක් ඉටුකළ මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන මහතා හා හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු හා උප කුළපතිවරයෙකු වූ ආචාර්ය විජිත නානයක්කාර මහතා ය.

මහනුවර විද්වතුන්ගේ හා වෘත්තීයවේදීන්ගේ සංගමය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාල කාර්යභාරයක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔවුන් අතින් සිදුවිය. විශේෂයෙන් සුමේධ වීරවර්ධන මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවන් වැඩකටයුතු කිරීමට අමතරව මුලින් සඳහන් කල සිංහල බෞද්ධ රාජ්‍යය, එය නැවත ස්ථාපිත කිරීමට සිංහලයන් 1816 -18 සිංහල විමුක්ති සටන හරහා ගත් උත්සහය සහ වර්තමානයේ නැවත එම රාජ්‍යය ස්ථාපිත කිරීමේ වැදගත්කම ආදිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පසුගිය කාලය පුරා පැවැත්වීය. ඔහු විසින් රචිත "සිංහලේ විමුක්ති සටන" නම් කෘතිය ද එම අදහස සමාජගත කිරීමට විශාල පිටුවහලක් විය.

ඉදිරි මහා මැතිවරණයේදී දේශමාමකයින් පාර්ලිමේන්තුවට⁣ තෝරා පත්කර යැවීමට කටයුතු කරමු.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'