Logo
2020 ජනවාරි මස 26 වැනි ඉරිදා

කාම්බෝජය සහ ථෙරවාදය

නලින් ද සිල්වා



කාම්බෝජයේත් ඇත්තේ ථෙරවාදය. එරටට පමණක් නොව මියන්මාරය ඇතුළු අනෙක් ථෙරවාද රටවල් හතරට ථෙරවාදය ගිහින් තියෙන්නෙ ලංකාවෙන්.

එය දොළොස්වැනි සියවසේ පමණ සිට පහළොස්වැනි සියවස පමණ දක්වා කෙරී ගෙන ගොස් තියෙනවා.

සිංහල අවුරුද්දත් ඒ රටවල පැවැත්වෙනවා. සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ඒ රටවලට ගිහින් තියෙනවා. ඒත් අප ඒ සඳහා ඔවුන් යටත් කර ගත්තේ නැහැ.

අද බටහිර රටවල් මෙන්ම ඉන්දියාවත් සෞදි අරාබියත් බලා ඉන්නෙ ථෙරවාද සංස්කෘතිය නැති කරන්න. නිර්මාණවාදී දැනුම් පද්ධතීන්ට (බටහිර විද්‍යාවද ඇතුළු) එකම අභියෝගය සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියයි.

මියන්මාරය වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. බටහිර රටවල් අවුන් සාං සුකීට එරෙහිව ගැම්බියාව කියන රට යොදා ගන්නවා. එක්සත් ජාතින් අපට එහි දී ආධාර කරන එකක් නැහැ.

මියන්මාරය වෙනුවෙන් අප කොන්දේසි විරහිතව පෙනී ඉන්න ඕන. ඒත් ජනමාධ්‍යවේදී පඬියන්ට ඒ බවක් තේරෙන්නේ නැහැ.

ඔවුන් බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගෙන් චම්පක ගැන ඇහුවෙ එබැවිනුයි.

අද බටහිරයන් ථෙරවාදී සංස්කෘතීන් නැති කිරීමට වී ගොවිතැන කඩා කප්පල් කිරීම සඳහා කෘෂිරසායනය යෙදා ගන්නවා.

ඔය ඊනියා හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනය බව අප පෙන්වා දී බොහෝ කල්. අප ඒ බව දැන ගත්තේ නාථ දේව මණ්ඩලයෙන්. අදත් පඬියන් ඒ ගැන අපට හිනා වෙනවා.

ඒත් අවුරුදු දහයකටත් වඩා කල් ගත වීත් බටහිර වෛද්‍ය විද්‍යාවට කියන්න පුළුවන් ඊනියා හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය කියා පමණයි.


ආණ්ඩුව කෘෂිරසායනය වෙනුවට සිංහල ගොවිකම ගොවියන්ට පුරුදු කරන්න ඕන.

අවශ්‍ය වන්නේ පිටි බද්ද අඩු කිරීම නොව දන්න මිනිසුන්ගෙන් සිංහල ගොවිකම ගැන දැන ගැනීමයි.

කාම්බෝජයේත් වැව් තියෙනවා. ඒ වැව් නවවැනි සියවසෙන් පමණ පසුව තැනී තියෙන්නෙ.

ලංකාව එක් කාලයක මේ කලාපයේ සංස්කෘතික නායකත්වයට පත් වී තිබෙනවා. අපට නැවතත් ඒ කාර්යභාරයට උර දෙන්න වෙලා.

ඉතිහාසයේ අපේ කාර්යභාරය වී ඇත්තේ ථෙරවාද සංස්කෘතිය රැක ගැනීම.

ගැමුණු රජු වැඩ කෙළේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා.

ඒ වී ගොවිතැන මුල් කර ගත් ථෙරවාදී සංස්කෘතියයි.

බටහිරයන්ට ප්‍රශ්නය ථෙරවාදය මිස ත්‍රිකුණාමල වරාය ඇත්තේ කාගේ භරයේද යන්න නොවෙයි.

දෙමළ ජාතිවාදය, පොල් පොට්, විජේවීර, ථෙරවාද බෞද්ධ සංස්කෘතියට විරුද්ධව නිර්මාණය කළ සංසිද්ධි.

ගෝඨාභයට හිමි වී ඇත්තේ සුළු පටු කාර්යයක් නොවෙයි.

අප වහා ජනප්‍රියවාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන.

@20-12-2019

උපුටා ගැනීමකි







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'