Logo
2019 ජූලි මස 21 වැනි ඉරිදා

අපෙන් ගිළිහුණු අපේ විද්‍යාඥයා, ආචාර්ය රේ විජේවර්ධන

ඉන්දික කුමාර


‘ඔබ මෙහි ආවේ කොහොම ද?’ආචාර්ය රේ විජේවර්ධන තමන් හමු වන්නට ආ අමුත්තන්ගෙන් නිතර මේ ප්‍රශ්නය ඇසුවා. බොහෝ දෙනකුගේ උත්තරය වූයේ මෝටර් රථයකින් හෝ බස් රථයකින් පැමිණි බවයි.“ඔබ පැමිණ ඇත්තේ පිටරටින් ගෙනා වාහනයක්, පිටරටින් ගෙනා ඛනිජ තෙල් දහනය කරමින්, පිටරටින් ම ගෙනා තාර දමා තැනූ මහ පාරක් ඔස්සේයි.” එවිට ඔහු කියනවා. “ඉතින් ඔබ තවමත් සිතනව ද මේ නිදහස් හා ස්වාධීන රටක් කියා?’මේ ප‍්‍රශ්නය දුසිම් ගණනක් දෙනා සමග රේ විජේවර්ධන මතු කරන්නට ඇති. ඒ තරමට ඔහු එබඳු දේ ගැන දිවා රාත්‍රී කල්පනා කළා. හැකි සෑම අවස්ථාවක ම රටේ විද්වතුන්, පාලකයන් හා ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු කලා.ඉංග්‍රීසියෙන් නිදහසට කියන ‘independent’ යන වචනයට වඩා ඔහු කැමති වූයේ ‘non-dependent’ යන්නටයි. අපේ මූලික අවශ්‍යතා හැකි තාක් දුරට අප ම සම්පාදනය කර ගැනීමෙන් පමණක් අපේ රටට සැබෑ නිදහසක් හා ස්වාධීපත්‍යයක් ලද හැකි බව ඔහු තරයේ විශ්වාස කළා.විද්‍යා ජ්‍යොති, දේශමාන්‍ය ආචාර්ය පිලිප් රේවත (රේ) විජේවර්ධන ඉංජිනේරුවකු හැටියට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනුම ලැබූවත් ඔහු පසු කලෙක තමන් හදුන්වා දුන්නේ ‘ගොවියකු හා කාර්මිකයකු’ හැටියටයි (farmer and mechanic). පොතේ දැනුම හා න්‍යායයන්ට වඩා ප්‍රායෝගික අත්දැකීම් හා අත්හදා බැලීමෙන් ලබා ගන්නා අවබෝධය ඉතා වටිනා බව ඔහු නිතර ම කියා සිටියා.බටහිර සම්ප්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්‍ෂණ පුහුණුවක් ලද ඔහු, පසු කලෙක තම උත්සාහයෙන් පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප්‍රගුණ කළා. එහෙත් ඇතැම් අන්තවාදීන් මෙන් එක් දැනුම් සම්ප්‍රදායක එල්බ ගෙන අනෙක් සියළු දැනුම් සම්ප්‍රදායන් හෙළා දැකීමක් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පෙර-අපර දෙදිග යා කරමින්, හැම තැනින් ම හරවත් හා ප්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමෝපායයන් සොයා ගියා.

කෘෂිකර්මය, බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්‍ෂණය යන ක්‍ෂෙත්‍ර හතරේ නිරවුල් හා නිවහල් දැක්මක් මත පදනම් වූ ප්‍රායෝගික ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා විසඳුම් රාශියක් ඔහු යෝජනා කළා. රේ විජේවර්ධනට කළ හැකි ලොකු ම ගෞරවය නම් ඔහු එසේ දායාද කළ දැනුම් හා අදහස් සම්භාරය ප්‍රයෝජනයට ගැනීමයි.

කුඩා වියේදී රේට උවමනා වුණේ අහස්යානා පදවන්න හා නිපදවන්න. එහෙත් උපන් රටට වඩා ප‍්‍රයෝජනවත් වන ශාස්ත‍්‍රයක් උගන්නා හැටියට පියා දුන් අවවාදයට අනුව ඔහු කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව (agricultural engineering) හදාරා පසු කලෙක ශෂ්‍ය විද්‍යාව (agronomy) පිළිබඳ විශේෂඥයකු වුණා. නමුත් එම ක්‍ෂෙත‍්‍රයට ප‍්‍රවේශ වන වෙනත් විද්වතුන් මෙන් පොතෙන් ගොවිතැන් කිරීමට හෝ විද්‍යාගාරවල පර්යේෂණ කිරීමට හෝ පමණක් ඔහු සීමා වුණේ නැහැ.

හේන් ගොවියාට හා වෙල් ගොවියාට බලපාන ගැටළු හා අභියෝග හඳුනා ගන්නට ඔහු ඔවුන් සමග ගොවි බිම් හා වෙල්යායවල කල් ගත කළා. මුළු ජීවිත කාලය පුරා ම කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ දැක්මට පාදක වුණේ කුඩා ගොවියාගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හා ගොවිතැනේදී කුඩා පරිමාන ගොවීන් හා ගෙවිලියන්ගේ පරිශ්‍රමය වඩාත් කාර්යක්‍ෂම කිරීමයි.

හරිත විප්ලවය (Green Revolution) 1950 දශකයේ ආරම්භ වන අවධියේ තරුණ විද්‍යාඥයකු හා ඉංජිනේරුවකු හැටියට රේ විජේවර්ධනත් එහි කොටස්කරුවකු වුණා. ඝර්ම කලාපීය රටවල කුඩා ගොවීන්ට ලෙහෙසියෙන් හැසිරවිය හැකි, නඩත්තුව වඩාත් පහසු වූ රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් ඔහු නිර්මාණය කළා. අවාසනාවට මෙන් එය ශ්‍රී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබුණා. බි‍්‍රතාන්‍යයේ සමාගමක් මගින් LandMaster නමින් 1960 හා 1970 දශකවල ලොව පුරා අලෙවි කළේ මේ නිර්මාණයයි.

ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවුණා. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තා.

එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක්. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් බොහෝමයි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කළා.

එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණා. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට JR රජයේ අවසරය ඉල්ලා සිටියා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවුණා. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු වුණා. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියා. ඔහුට එදා අවසර ලැබුණානම් අද ශ්‍රී ලංකාව යනු වාණිජ ගුවන්යානා නිපදවන රටක්!

ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබුණා. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්ණා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක තිබූ “ලිහිණියා” නම් සැහැල්ලූ ගුවන් යානය 1990 වර්ෂයේදී පමණ ආචාර්ය රේවත විජයවර්ධන මහතා විසින් නිපදවන ලද්දක්. පින්තූරයේ දැක්වෙන්නේ එම ගුවන් යානය ආචාර්ය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය යි. එහි ලියාපදිංචි අංකය 4R-RAY. 4R කියන්නේ ලංකාවේ කියන එක. ඊළඟ අකුරු තුන, යානාව අයිති පුද්ගලයට කැමති විදිහට ගන්න පුළුවන්. RAY කියල තියෙන්නේ රේ. විජේවර්ධන මැතිතුමා. අනිත් අතට මේ ලියාපදිංචි අංකයෙන් මේකේ විස්තර සේරම දැනගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට සිනමාවෙන් විශ්ව කීර්තියක් අත් කර දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පින්තූරයක් යොදාගනිමින් මඩ ගැසූ ආකාරයටම, නැවතත්, ශ්‍රී ලංකාවට ඉංජිනේරු විද්‍යාවෙන් විශ්ව කීර්තියක් අත් කර දුන් ආචාර්ය රේවත විජේවර්ධනය

 

උපුටා ගැනීමකි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'