ජ වි පෙ අද තම පැවැත්ම උදෙසා දොඩවන පක්ෂයක් පමණයි. ඔවුන්ට හැමදාමත් තිබුණේ විජේවීරගේ මාක්ස්වාදයක්. ඒකට ඒගොල්ලන් කියන වචන පාවිච්චි කළොත් කියන්න වෙන්නෙ විජේවීර මාක්ස්වාදය තෝරපු ආකාරය. ඒක අර පුහු පඬියන්ගෙ ඊනියා කියැවීමට වඩා නම් හොඳයි.
ජ වි පෙ කියන දෙයට අනුව මෙරට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ රජය හා දෙමළ ත්රස්තවාදීන් අතර. ජ වි පෙ සමහරවිට හිතන් ඉන්නවා ඇති 1971 , 1987-91 කාලයෙහි රජය හා ජ වි පෙ අතර තිබුණෙත් සිවිල් යුද්ධයක් කියා. ඔවුන් එය පැහැදිලි කරනවා නම් හොඳයි. එයත් සිවිල් යුද්ධයක් නම් ජ වි පෙරමුණේ අතුරුදහන් වූවන්ටත් වන්දි ඉල්ලන්න පුළුවන්. ජ වි පෙ විසින් අතුරුදහන් කරනු ලැබූ අය ගැන මොකද කියන්නෙ. ඔවුන්ටත් දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් අතුරුදහන් කරනු ලැබූවනටත් වන්දි ගෙවනවා ද?
මේ සියල්ලට පළමු විසඳාගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. සිවිල් යුද්ධයක් කියන්නෙ මොකක් ද? දේශපාලන විද්‍යාඥයන් සහ සාධාරණ වශයෙන් සමාජයීය විද්‍යාඥයන් සිවිල් යුද්ධය යන්න විවිධාකාරයෙන් නිර්වචනය කර තියෙනවා. එහෙත් අද ආණ්ඩුව වැඩ කරන්නෙ ඊනියා ජෙනීවා සම්මුතීන් අනුව මිසක් එක් එක් දේශපාලන/සමාජයීය විද්‍යාඥයන්ගේ නිර්වචන අනුව නො වෙයි. ජෙනීවා සම්මුතීන්වල ඊනියා සිවිල් යුද්ධ ගැන සඳහනක්, නිර්වචනයක් නැති බව මගේ දැනුමයි. එසේ ඇතැයි පෙන්වන්නේ නම් මා විජිත හේරත්ට හරි ජ වි පෙ වෙනත් නායකයකුට හරි පින් දෙනවා.