Logo

 

වයින් බිස්කට් / බට්ටෝ බිස්කට්

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



මේ බට්ටෝ බිස්කට් පොඩි කාලේ කාලා තියෙනවා නේද ඔයාලා? මේවට වයින් බිස්කට් කියලත් කියනවා. ලඟදී නම් කාලා නෑ. ඒත් පොඩි කාලේ කාපු රස නම් මතකයි. ඉතින් පොඩි උත්සහයක් දාලා හදා ගත්තා. හදලා බලන්නකො යාලුවනේ.. පුංචි බබාලා හරි කැමති වේවි....

අවශ්‍ය ද්‍රව්‍ය:
බිත්තර සුදු මද 3 
කුඩු කළ සීනි 100g
පිටි 100g 
බටර් 75 g (මෘදු වන තුරු කාමර උෂ්ණත්වයේ තබා ගන්න)
වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය:
• අවන් එක 150⁰C රත් කරන්න. තැටි කීපයකට තෙල් කඩදාසි දමා සූදානම් කරගන්න. 
• බටර් සහ සීනි බඳුනකට දමා ක්‍රීම් වන තුරු බීට් කරන්න. 
• වෙනත් බාජනයකට සුදු මද දමා බීට් කරන්න. මෙයට තෙල් ගතිය නැති බීටර් බ්ලේඩ් පාවිච්චි කරන්න. මේ සඳහා බීටර් බ්ලේඩ් හොඳින් සෝදා දෙහි ගාගත් ටිෂු එකකින් පිස දමන්න. සුදු මද stiff peak (බීටර් එක උස්සා බැලූ විට කන්දක් වගේ) එන තුරු බීට් කරන්න.
• පිටි වලින් බාගයක් සහ සුදු මද වලින් බාගයක් බටර් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර වන තුරු spatula එකකින් fold කරන්න. 
• ඉන් පසු ඉතිරි පිටි සහ සුදු මද ටිකත් දමා හොඳින් කවලම් කරන්න. 
• දැන් මේ මිශ්‍රණය අයිසින් බෑගයකට හෝ පිරිසිදු ඉටි බෑගයකට දමා කෙළවරින් කපා අඟල් ½ පමණ සිදුරක් සාදා ගන්න. දැන් සූදානම් කරගත් තැටි වල කුඩා රවුම් ආකාරයට (ශත 50 කාසියක තරම) පේලියට පයිප් කරන්න. ඇඟිල්ලේ වතුර ටිකක් ගාලා රවුම් වල උඩ උලක් එක සමතලා කරන්න පුලුවන් නම් ලස්සනට හැදෙනවා. 
• රවුම් දෙකක් අතර පරතරය සෙන්ටිමීටරයක් පමණ තබන්න. බේක් වෙන කොට ලොකු වෙනවා.
• මේවා අවන් එකේ මැද තට්ටුවක දමා විනාඩි 8-10 බේක් කරන්න. මැද ලා කහ පාටට සහ වටේ ලා දුඹුරු පාට වන විට අවන් එකෙන් එළියට අරන් තෙල් කඩදාසියෙන් ගලවා නිවෙන්න තියන්න. 
• මේ ප්‍රමාණයෙන් බට්ටෝ 300-400 පමණ හදන්න පුලුවන්. ඒ නිසා එක සැරෙන්ම ඔක්කෝම හදන්න බෑ. තැටි දෙකක් අරන් මාරුවෙන් මාරුවට හදා ගත්තාම ලේසියි. 
• මේවා නිවුනාම හුලං නොවදින බාජනයක දාලා තියන්න (ඉතුරු වෙලා තිබුණොත් :D ).

Image may contain: food

Image may contain: food

Image may contain: food

Image may contain: text

LikeShow more reactions

දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 10
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 690
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 393
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 310392
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 467295
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19426430
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18639187
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14807113
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14709447
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14600593
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'