Logo

 

බ්‍රෝකන් ග්ලාස් ජෙලි කේක් / ස්ටේන්ඩ් ග්ලාස් ජෙලි කේක්

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



මේ ටිකක් පරණ තාලේ අතුරුපසක්. බ්‍රෝකන් ග්ලාස් ජෙලි කේක්. ස්ටේන්ඩ් ග්ලාස් ජෙලි කේක් කියලත් කියනවා. ඔයාලා ආසාවෙන් හදන බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම එන්න කලින් 1950 – 60 කාලෙදි එංගලන්තයේ Crown Jewel Dessert වර්ගයක් විදියට මේ අතුරුපස හඳුන්වා දීලා තියෙන්නෙ. මේකට අයිති වෙන්නේ බිස්කට් බේස් එක, අන්නාසි රස විප්ඩ් ක්‍රීම් සහ ජෙලි කියුබ්ස්. හදන්නත් ලේසියි.... ලස්සනයි..... රසයි.....
රෙසිපි එක දැම්මා. හදලා බලන්නකෝ ............😍😍

අවශ්‍ය ද්‍රව්‍ය:
මම ගත්තේ අඟල් 8 රවුම් තැටියක්. ඔයාලා ගන්න බාජනය අනුව ප්‍රමාණ වෙනස් කර ගන්න.

ජෙලි කියුබ්ස් සඳහා:
ජෙලි පැකට් ඕනෑම පාට 3කින්
උණු වතුර අවශ්‍ය පමණ

බිස්කට් බේස් එක සඳහා (තැටියේ ප්‍රමාණය අනුව වෙනස් වේ):
ග්‍රැහැම් ක්‍රැකර්/ඩයිජෙස්ටිව් බිස්කට් හෝ මාරි බිස්කට් 10 පමණ 
බටර් මේස හැඳි 3 (දිය කර ගෙන)

ක්‍රීම් එක සඳහා (තැටියේ ප්‍රමාණය අනුව වෙනස් වේ):
ඩබල් ක්‍රීම්/විපින් ක්‍රීම් 300ml 
අන්නාසි යුෂ 100 ml (ඉස්සර මේ අතුරුපසට අරන් තියෙන්නේ අන්නාසි යුෂ. ඒත් ඔයාලා කැමති පළතුරු යුෂ වර්ගයක් ගන්න පුලුවනි)
ජෙලටින් තේ හැඳි 3
අයිසින් සීනි රස අනුව

සාදන ක්‍රමය:
• ජෙලි (පාට 3කින් වත් තියෙනවා නම් හොඳයි) වෙන වෙනම බාජන වලට දමා පැකට් එකේ දාන්න කියලා තියෙන වතුර ප්‍රමාණයෙන් බාගයක් නටන උණු වතුර දමා මිශ්‍ර කරන්න. 
• මේවා නිවුණු පසු බටර් ස්වල්පයක් ගෑ වෙන වෙනම බාජන වල දමා ශිතකරණයේ තබා සවි කර ගන්න.
• බිස්කට් කුඩු කර දිය කර ගත් බටර් දමා කවලම් කරන්න. යන්තම් බිස්කට් කුඩු එකතු වෙන තරමට බටර් තිබුණාම ඇති. 
• ඉන්පසු පුඩිම හදන බාජනයේ cling film/lunch sheet එකක් අතුරා බිස්කට් මිශ්‍රණය දමා තද කරන්න. 
• මේ තැටිය ශිතකරණයේ පැය ½ පමණ තියන්න.
• අන්නාසි ඉස්ම වලට ජෙලටින් දමා පොඟවා එය මඳක් රත් කර දිය කර ගන්න. එය නිවුණු පසු ශීතකරණයට දමා ටිකක් උකු ගතියක් එනතුරු තබන්න.
• ක්‍රීම් වලට රස අනුව අයිසින් සීනි දමමින් stiff peak එන තුරු විප් කරන්න. 
• එයට අන්නාසි ජෙලටින් මිශ්‍රණය දමා spatula එකකින් හෝ හැන්දකින් කවලම් කරන්න. 
• සාදා ගත් ජෙලි ද්‍රාවණ සවි වූ පසු කොටු කපා ගන්න. 
• කපා ගත් ජෙලි කියුබ්ස් ක්‍රීම් මිශ්‍රණයට දමා spatula එකකින් හෝ හැන්දකින් පරිස්සමට කවලම් කරන්න.
• එය බිස්කට් බේස් එක මත දමා උඩින් සමතලා කර බාජනය ශීතකරණයේ දමා සවි වන තුරු තබන්න. 
• මේ පුඩිම හදලා රැයක්ම ශීතකරණයේ තියන්න පුලුවන් නම් හොඳයි. අඩු ගානේ පැය 5-6ක් වත් තියන්න. 
• දැන් ශීතකරණයන් එළියට ගෙන cling film/lunch sheet එකෙන් අල්ලා උස්සා කේක් එක පිඟානක් මතට ගන්න. අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා සංග්‍රහ කරන්න.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12159097
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12168378
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9648965
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9556205
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9382107
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'