Logo

 

බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?

- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසිණි.



ඇත්තටම හෝරා තැටියක්‌ කියන්නේ කුමකට ද?
පුරාණ ලංකාවේ දිනකට පැය හැටකි.........
අභයගිරිය හෝරා තැටියේ විස්‌මය...

මිහිතලය බිහිවූවා යෑයි සැලකෙන මීට වසර මිලියන 5000 පෙර සිටම සූර්යයාගේ ආලෝක කිරණ මේ මහ පොළොව මත පතිත වන්නේය. අප දන්නා පරිදි පෘථිවියේ පරිභ්‍රමණය හේතුවෙන් මෙම ආලෝකය යම් පෙදෙසකට ඇතිවීම හා නැති වීම සිදුවේ. මෙලෙස හිරුගේ ආලෝකය ලැබීම දහවල ලෙසත් සූර්යාලෝකය නොමැති අන්ධකාර කාලසීමාව රාත්‍රිය ලෙසත් මිනිසා හඳුනාගන්නේ මීට වසර මිලියන 02 ට පමණ පෙර ඇති වූ හෝමෝ ඉරෙක්‌ටස්‌ නම් අපේ ආදිතමයාගේ ආගමනයත් සමඟය.

එදා සිට මානවයා මෙම සූර්යා දේවත්වයෙහි ලා සැලකූ අතර 'කාලය' පිළිබඳ සංකල්පය එදා රැය හා දහවලට පමණක්‌ සීමා විය. ක්‍රමයෙන් වේගයෙන් පරිණාමයට පත්වන මිනිසා, නූතන මානව කොට්‌ඨාසය කරා නව සිතිවිලි තුළින් සිදුකළා වූ විවිධ ගවේෂණ පර්යේෂණ ආදිය ඔස්‌සේ 'කාලය' පිළිබඳ සංකල්පය සොයා ඉදිරියට පා නැඟීය. අහසේ චන්ද්‍රයා දිස්‌වන විවිධ හැඩ අනුවත් මුහුදු ජල මට්‌ටම්වල පැවති විවිධ වෙනස්‌ වීම් හමුවේත් කාල වකවානු පිළිබඳ යම් දළ අදහසක්‌ ගොඩනඟාගත් ආදිතමයෝ එම දැනුම සමඟ වර්තමානය කරා සවිඤ්Æණිකව පැවත ආහ.

පෙරදිගින් පායන සූර්යා අවරගිරෙන් බැස ගොස්‌ නැවත පෙරදිගින් පායා ඒමට ගතවන කාලය 'දිනක්‌' හෙවත් දවසක්‌ ලෙස සලකා තම කාර්යයන් හි නිරත වූ නූතන මානවයා ඒ දිනය තුළ වූ කාලසීමාව තවත් කුඩා කොටස්‌ වලට බෙදා ඒවා තම කාර්යයන් හා සස¹ බැලීමට පසුකාලීනව උත්සුක වූහ.

මේ අනුව යම් කාල පරාසයක්‌ මැන ගැනීමට යම් උපකරණයක අවශ්‍යතාව ඔවුන්ට තදින්ම දැනිණි. මේ පිළිබඳ විවිධ අත්හදා බැලීම්වල යෙදුණු මිනිසා යම් යම් ද්‍රව්‍ය යොදාගෙන එම කාල පරාස මැන ගැනීමට සමත් වූහ. මේ පිළිබඳ වූ පැරණිම සාධක අපට හමුවන්නේ ක්‍රි. පූර්ව 14 වැනි සියවසේ බැබිලෝනියාවෙනි. ඒ පැරණි බැබිලෝනියාවනුවන් ජලය ආධාරයෙන් නිර්මාණය කළ 'පෑ තැටිය' මඟිනි. ජලයෙහි පාවෙන යම් කුහර සහිත වස්‌තුවක (කුඩා බෝට්‌ටුවක) පතුලේ සිදුරක්‌ තනා ඒ තුලට කාන්දුවක ජලය මඟින් එම වස්‌තුව පිරී එය ජලයේ ගිලී යාමට ගතවන කාල පරාසය ඒකකයක්‌ හෙවත් මිනුම් දණ්‌ඩයක්‌ ලෙස ගෙන 'කාලය' ප්‍රකාශ කිරීම මෙහි මූලධර්මය විය. මෙම 'පෑතැටිය' (Clepsydrae) එකිනෙකට වෙනස්‌ කාල පරාස දැක්‌වූ හෙයින් කාටත් සාධාරණ/ සමාන කාල පරාස මැන ගැනීම පිළිබඳව ඔවුහු තව තවත් උනන්දු වූහ. විශේෂෙයෙන් දිවා කාලය කොටස්‌ කර මැන ගැනීම කෙරෙහි උත්සුක වූ ඔවුහු හිරු එළිය පොළොවට පතිත වීම පිළිබඳ නැවත සිතා බැලූහ. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ක්‍රි.පූ. 1500 දී ඊජිප්තු ජාතිකයන් හිරුගේ සෙවනැල්ල ආධාරයෙන් හෝරා තැටියක්‌, 'හිරු තැටියක්‌' (Sundial) නිර්මාණය කළහ. ක්‍රමාංකනය කරන ලද තැටියක්‌ මැද සිට වූ අක්‍ෂදණ්‌ඩකට (ඡායාදණ්‌ඩකට) හිරු එළිය වැටීමෙන් එහි සෙවනැල්ල අදාළ ක්‍රමාංකිත පෘෂ්ඨයමක පතිත වන ලක්‍ෂය අනුව 'වේලාව' සඳහන් කෙරිණි. මේ පිළිබඳ වූ පුරා විද්‍යාත්මක සාධක ඊජිප්තුවේ Valley of Kings ප්‍රදේශයෙන් මෑත කාලයේ සිදුකළ කැණීමකදී සොයා ගන්නා ලදී. මෙම සෙවනැලි ඔරලෝසුව (Shadow Clock) ඉතියෝපියානු හා බැබිලෝනියානු තාරකා විද්‍යාවන් හි ප්‍රතිඵලයකි. ගී්‍රක දාර්ශනිකයකු, තාරකා විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ Anaximander (ක්‍රි. පූ. 610 - 546) විසින් මෙය ගී්‍රසියට හඳුන්වාදුන් බව කියෑවේ. හෙරඩෝටස්‌ (Herodotus) ගේ වර්තාවලට අනුව එය බැබිලෝනියානුවන්ගෙන් ලබාගත් දැනුම වැඩිදියුණු කිරීමකි.

මුලදී තම කම්කරුවන්ගේ හා වහලුන් ගේ වැඩකරන කාලසීමාව (Working hours) නිර්ණය කිරීම සඳහා භාවිතා කළ මෙම හෝරාතැටිය (Sundial), පසු කලෙක ජ්‍යාමිතික විද්‍යාවත්, තාරකා විද්‍යාවත් අනුව වැඩිදියුණු කළහ. ගී්‍රකයෝ මෙහි විද්‍යාත්මක පසුබිම ද සොයා බැලුහ. ඒ අනුව මෙම හෝරාතැටියෙහි මධ්‍යයේ වූ අක්‍ෂ දණ්‌ඩ 'කෝණික' හැඩ විය යුතු බව සෙයා ගත්හ. මේ ආකාරයට වැඩිදියුණු කරන ලද විවිධ වර්ගයේ හෝරාතැටි/ සූර්ය තැටි (Sundials) විශාල ප්‍රමාණයක්‌ 'පොම්පෙයි' (Pompeii) නගරයෙන් සොයා ගැනිණි. අර්ධ ගෝලාකාර හැඩැති මේවා ක්‍රි. පූර්ව 3 - 2 සියවස්‌වලට අයත් යෑයි කාලනිර්ණය කෙරිණි. ක්‍රි. පූර්ව 50 දී ඉදිකළ බවට සැලකෙන ගී්‍රසියේ, ඇතන්ස්‌ නුවර පිහිටි අෂ්ටාශ්‍ර (අට පට්‌ටම්) සුළං කුලුන (Tower of winds) මුදුනට වන්නට එක්‌ එක්‌ මුහුණතෙහි, සූර්ය තැටි හා පෑතැටි වලට සවිකළ යාන්ත්‍රික පැය දර්ශකයන් සවිකර තිබුණි. මෙමඟින් වර්ෂයේ විවිධ සෘතූන් හා ජ්‍යෙතිෂ විද්‍යාත්මක දින හා වකවානු දක්‌වනු ලැබීය. ඉන්පසු ක්‍රමයෙන් ලොව අනෙකුත් රටවල් කරා සංක්‍රමණය වූ මෙම දැනුම් සම්භාරය තවදුරටත් දියුණුකර විවිධ තත්ත්වයේ 'හෝරාතැටි', චීනය ඇතුළු ආසියාතික රටවල භාවිතයට ගැණින.

මෙයට සමගාමීව අප රටේ ද විවිධ ප්‍රදේශවලින් ශේෂ වී ගිය 'හෝරාතැටි' සොයාගනු ලැබූ අතර ගී්‍රසියේ තාක්‍ෂණය දියුණුවට සමගාමීව අප ලද එම දැනුම පුදුම සහගතය. මේවා අතරින් මීට වසර 2200 පැරණි අම්පාර ප්‍රදේශයේ පිහිටි 'රජගල' නම් ආරාම සංකීර්ණයෙන් හමු වූ ගෝලාකාර 'හිරුතැටිය' විශේෂ ස්‌ථානයක්‌ ගනී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා හා ඉතිහාසය පිළිබඳ අධ්‍යයන අංශය මඟින් සිදුකළ ගවේෂණයක දී මෙම හිරුතැටිය හමු වූ අතර එය දාන ශාලාව අසළ වූ ආසනඝරයෙහි කළ කැණීමකදී හමුවිය. 'රජගල' ආරාම සංකීර්ණය ක්‍රි. පූ. 119 දී ල-ජතිස්‌ස රජුගේ කාලයේ ඉදිකළ බවට සාධක ලැබී ඇති අතර මෙම තාක්‍ෂණයේ මූලික දැනුම එවකට මහාද්වීප අතර තිබූ සේදමාවත (Silk Route) ඔස්‌සේ අප රට වෙත සංක්‍රමණය වන්නට ඇතැයි ඇතැම්හු තර්ක කරති.

ශ්‍රී ලංකාවේ හමුවන Sundial ( හිරුතැටි/ හෝරා තැටි) අතර අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයෙන් හමු වූ තිරස්‌ ලෙස සැකසූ ඝනකමැති පාෂාණයකින් නිම වූ හෝරා තැටිය (හිරුතැටිය) විශේෂ වැදගත් කමක්‌ හිමිවේ. ඒ එහි ඇති වඩා නිවැරදි වූත් සංකීර්ණ වූත් තාක්‍ෂණ භාවිතයයි. අභයගිරිය ගොඩනඟනුයේ ක්‍රි. පූ. 89 - 77 දී වට්‌ටගාමිණී අභය රජු විසිනි. වලගම්බා ලෙස ඉතිහාසය පුරා වෙහෙර විහාර ඉදිකළ මෙම රජතුමා අභයගිරිය තනවා එහි භික්‌ෂූන් වහන්සේලාට පහසුවෙන් බණ - භාවානාදිය සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ද සපයා දෙන ලදී. ක්‍රි. පූර්ව 10 වන සියවස වන විට මුළු මහත් ලොව පුරාම දැනුම පිළිබඳ පිපාසාවෙන් ඒ පිළිබඳ විවිධ ගවේෂණයන් හි නිරත වන පිරිස බහුල වූහ. මෙම කාලය තුළ ඉන්දියාවේ තක්‌ෂිලා නමින්ද ක්‍රි. පූ. 5 දී නාලන්ද නමින්ද, ක්‍රි. පූ. 8, 9 දී වික්‍රමශීලා නමින්ද ආසියාවේ දැනුම් ගබඩා හෙවත් 'විශ්වවිද්‍යාල' බිහි වූ අතර ක්‍රි. පූ. 10 දී අප රටේ පිහිටි අභයගිරිය අයත් විහාර සංකීර්ණයද ලොව අංක 01 හි පිහිටි විද්‍යා නිකේතනයක්‌ විය. බුදු දහම, බෞද්ධ දර්ශනය මෙන්ම ගණිත ශාස්‌ත්‍රය ඇතුළු විවිධ විද්‍යාවන් ද ප්‍රගුණ කිරීමට විවිධ රටවලින් මෙරටට පිරිස්‌ ඇදී ආහ. ඊට අවශ්‍ය ගොඩනැඟිලි සංකීර්ණවන දාන ශාලා, කූඨාගාර, දේශන ශාලා, සන්නිපාත ශාලා ආදියෙන් ද නේවාසික පහසුකම් අතින් ද අභයගිරිය ලොව ප්‍රසිද්ධ විය. එකවර භික්‌ෂූන් වහන්සේලා 5000 පමණ උගෙනුම ලැබූ මෙම විශ්ව නිකේතනයෙහි දාන ශාලාවට උතුරු දෙසින් මෙම හෝරාතැටිය/ හිරුතැටිය (Sundial) හමුවී තිබීම විශේෂත්වයකි. දිගින් හා පළලින් සෙ. මී. 41.5 බැගින් වූ හා සෙ.මි. 11 පමණ උස තිරිවාන මිශ්‍ර ෙµල්ස්‌පා අඩංගු කළුගල් විශේෂයකින් නිර්මාණ වී ඇතැයි සැලකෙන මෙම හෝරාතැටිය සුමට තිරස්‌ මතුපිටකින් යුක්‌තය. දැනට අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම හෝරා/ හිරු තැටියෙහි ඉතා තියුණු ලෙස හෑරීමෙන් අඳින ලද ක්‍රමවත් රටාවකින් යුක්‌තය. එහි මධ්‍යයේ ඇතුළට හාරන ලද සමචතුරස්‍රාකාර සිදුරකි. එහි සෙ.මී.4Ü4Ü6 ප්‍රමාණයේ ඡායා දණ්‌ඩක්‌/ අක්‍ෂ දණ්‌ඩක්‌ (Silk Route) සවිකර තිබී ඇතැයි සැලකේ. හිරු එළිය වැටුණු පසු මෙම දණ්‌ඩේ සෙවනැල්ල පතිත වන රේඛාවට අදාල 'වේලාව'නිවැරදිව කියවිය හැකිය. එහි සුමට පෘෂ්ඨය පුරා ප්‍රධාන වෘත්ත 03 ඇඳ ඇත. මධ්‍ය ලCෂ්‍යයේ ඇති සිදුරට ආසන්නව ඇත වෘත්තය සමාන කොටස්‌ 08 කට බෙදී යන සේ මධ්‍ය ලක්‍ෂයේ සිට හෝරා තැටියෙහි අවසාන සීමාව දක්‌වා ඇඳි රේඛා 08 කි. දෙවන වෘත්තය සමාන කොටස්‌ 16 කට ද බාහිර වෘත්තය සමාන කොටස්‌ 32 ට ද බෙදා රේඛා ඇඳ ඇත්තේය. මෙම සියලුම සටහන් බෞද්ධ වාස්‌තූ විද්‍යාව හා බෞද්ධ ප්‍රතිමා ශිල්ප වැනි සාම්ප්‍රදායික දැනුම් සම්භාරයන්ගේ සංකලනයෙන් ගොඩනැඟුනු විශේෂ තාරකා විද්‍යා ක්‍ෂේත්‍රයකට ආවේණිකව සටහන් කර ඇතැයි සැලකෙන අතර හිරු වටා පෘථිවියේ සිදුකරන අක්‍රමවත් භ්‍රමණයත්, ඒ නිසා සමකය (නිරක්‍ෂය) මත පතිතවන හිරු කදම්බයන් හි වෙස්‌ වීමත් අනුව ගණනය කිරීමෙන් මෙම සටහන් නිශ්චිතව ඇඳ ඇතැයි මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්වත්හු පවසති. සූර්ය දිව්‍ය රාජයාගේ යෑයි සැලකෙන ප්‍රතිමාවක්‌ අභයගිරි උතුරු වාහල්කඩින් හමුවීම නිසාත් මෙහි මහායාන බලපෑම පිළිබඳ අපට යම් ඉඟියක්‌ සපයන්නේය. පුරාණ ලංකාවේ දිනකට පැය 60 සේ සලකා කටයුතු කළ හෙයින් මෙම හෝරා තැටිය ද ඒ අනුව නිර්මාණය කළා විය හැකිය. එකල දිවාකාලය පෙරයම, මැදියම, පසුයම ලෙසත් රාත්‍රි කාලය පෙරයම, මැදියම, අලුයම ලෙසත් කාල පරිච්ඡේද 06 කට බෙදා තිබිණි. එක්‌ යමක්‌ (Yama) සඳහා හෝරා 04 ක්‌ ද, යම 03 සඳහා හෝරා 12 ද වූ අතර හෝරා 1 යනු අද අප භාවිතා කරන පැය 2 1/2 ක්‌ ලෙස ගත්විට එක 'යමක්‌' (Yama) සඳහා අපේ පැය 10 අයත් විය.

අභයගිරි හෝරාතැටිය පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්වතුන් ප්‍රකාශ කරනුයේ මෙම සාම්ප්‍රදායික දැනුම් සම්භාරය ආදී කාලීන ග්‍රන්ථ ආදිය පරිශිලනයෙන් හා ප්‍රායෝගිව එකල විසූ අභයගිරි වාසී භික්‌ෂූන් විසින් සොයාගත් දැනුමින් පෝෂිත බවය. පෘථිවි ගෝලයේ අපේ රට, සමකයට ආසන්නව පිහිටා තිබීමේ සිට එය උතුරු දිශාව සමඟ කොපමණ ඇලයකින් (කෝණයකින්) පිහිටා තිබේද යන්නත් මේ අනුව දිවා කාලයේදී සිදුවන හිරු පතනයේ සියුම් වෙනස්‌ වීම් පවා මොවුන් දැන සිටි බවත් පෙනේ. 'වාස්‌තු විද්‍යා ශාස්‌ත්‍ර' නම් පුරාණ කාලීන ග්‍රන්ථය හා සස¹ මෑත කාලීන ජ්‍යෙdaතිෂ විද්‍යාවත් තාරකා විද්‍යාවත් උපයෝගීකරගෙන මෙහි ඇති නිරවද්‍යතාව සොයා බලා ඇති පර්යේෂකයන් පුදුමයට පත්වනුයේ ක්‍රි. පූ. 10 - 7 වැනි ඈත අතීතයේ අපේ දැනුම් සම්භාරය කෙසේ මෙතරම් දියුණු වී තිබුණේද යන්න ගැනය. එදා සිට පුරා වසර සිය ගණනක්‌ මෙම සූක්‍ෂම දැනුම හා තාර්කිකඥනය මත පදනම් වූ ශිල්ප කලා අධ්‍යාපනය ඉදිරියට ගලා ආ බව පසුකාලීන වාර්තා සාක්‌ෂි දරයි. ක්‍රි. ව. 411 දී අප රටට පැමිණි චීන ජාතික µdහියන් (Faංස්‌බ) නම් භික්‌ෂූන් වහන්සේගේ දේශාටන වාර්තා අතරින් මේ බව මොනවට පසක්‌ වන්නේය. උන්වහන්සේ අභයගිරියට වැඩමවා එහි වසර 02 ක්‌ නේවාසිකව වැඩසිටියේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැදැරීමටය. එකල 5000 පමණ භික්‌ෂූන් වහන්සේලා අභයගිරි ශිල්ප නිකේතනයෙහි වැඩසිටි බවත් එහි මනා කළමනාකාරීත්වයකින් සියලු වැඩසටහන්, සිදුකළ බව සඳහන් කරන උන්නවහන්සේ එහි පැවති දේශන ශාලා, කූඨාගාර, දාන ශාලා, භාවනා අභ්‍යාස කුටි ආදිය ගැනද විස්‌තර සපයයි. සියලුම ආගමික, පරිපාලනමය හා අධ්‍යයන කටයුතු භික්‌ෂූන් අතින් සිදුකළ බවත් ඒ සියල්ල නියමිත කාල වේලාවක දී දිනපතා සිදුකළ බවත් සියල්ල දිනපතා වාර්තා තබමින් ලේඛනගත කළ බවත් උන්වහන්සේගේ වාර්තාවල සඳහන්ය. අදටත් දක්‌නට තිබෙන දාන ශාලාවේ ඇති මීටර් 19 දිග යෝධ ශෛලමය බත්ඔරුව පිළිබඳ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන් එහි ධාරිතාව බත් පාත්‍ර 5800 ක බත් ප්‍රමාණයට සමාන යෑයි සොයා ගෙන තිබෙන අතර භික්‌ෂූන් 5000 ක්‌ වැඩසිටි බවට එයම සාක්‌ෂියක්‌ වන්නේය. එම දාන ශාලාවේ උතුරු වාහල්කඩට ආසන්නව තිබී. සොයාගත් මෙම හෝරාතැටිය, එම දාන ශාලාවේ තිබූ, හෝරා යන්ත්‍රය බවට සැකයක්‌ නැත. අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබූ මෙම විශ්වදැනුම් නිකේතනය මඟින් ලොවට බෞද්ධ දර්ශනය මත පදනම්ව ශාස්‌ත්‍රීය දැනුම බෙදා හළ අතර ඒ සියල්ල නියමිත කාලසටහනකට අනුව නිශ්චිත වේලාවන් වලදී සිදුකර තිබේ. භික්‌ෂූන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් සඳහා වන කාල වේලාවන් මෙම දාන ශාලාව අසල තිබූ හෝරා තැටිය මඟින් දැනගන්නට ඇතැයි අනුමාන කළ හැකි අතර අලුයම හෝරා තුළදී උදේ දානමය කටයුතු ද මධ්‍යහ්නයට පෙර දිවා දානමය කටයුතු ද නියමිත වේලාවකට බුදුන්වහන්සේ උදෙසා බුද්ධපූජා පැවැත්වීම ද මෙම හෝරා තැටිය අධාරයෙන් නියමිත වේලාවන් හිදී සිදුකර ඇතැයි විශ්වාස කෙරේ. මීට අමතරව මෙවැනි හෝරා තැටි කීපයක්‌ මෙම විශ්වවිද්‍යාල භූමියේ තිබෙන්නට ඇතැයි විශ්වාස කරන අතර මෙතෙක්‌ සිදුකළ කැණීම් වලදී හමුවී නැත. එකල විසූ ජනපදිකයන්ට හා රටට විවිධ කාලගුණික තොරතුරු එනම් විවිධ සෘතු පිළිබඳ දැනුම් දීමටත්, ජ්‍යෙdතිෂමය කටයුතු වලදී සුභ මුහුර්ත ලබාදීමටත්, නියමිත කාලවකවානු වලදී සූර්යමංගල්‍ය (අලුත් අවුරුද්ද) පැවැත්වීමටත්, මෙම හෝරා තැටි උපයෝගී කරගත්තාට සැක නැත. මන්ද මෙතරම් සූක්‍ෂම ලෙස සූර්යයාගේ ගමන් රටාව අනුව සැකසූ වඩා නිවැරදි හෝරා සටහන් යෙදූ හෝරා තැටියක්‌ ලොව වෙනත් පෙදෙසකින් මෙතෙක්‌ හමුනොවී ඇති හෙයිනි. ආදී කාලීන ගී්‍රක සම්ප්‍රදායෙන් ලත් මූලික දැනුම උපයෝගීකරගෙන විවිධ ශාස්‌ත්‍ර, ගණිතවිද්‍යා, තාරකා විද්‍යාව ඇසුරෙන් පර්යේෂණයන්ට ලක්‌කර වඩා නිරවද්‍ය හෝරා දක්‌වනයක්‌ හෙවත් හෝරා තැටියක්‌ (Sundial) ලොවට එළිදක්‌වන්නට එදා සිටි හෙළයා විශ්වකර්මයකු වී සිටියේය. පසු කලෙක පැවැති ඉන්දීය සොලී ආක්‍රමණ හමුවේ දැවී සුනුවිසුනු වී ගිය ඒ දැනුම් සම්භාරය අද තෙක්‌ පැවතියා නම්, අප අබියස මුළු ලොවක්‌ දණ නමනු ඒකාන්තය. එවන් ප්‍රෙෘඪ ඓතිහාසික පසුබිමක සිට නිවට නියාලු ජාතියක්‌ බවට අපව පත්කළා වූ සතුරෝ කවරහුද? ඒ පිළිබඳ අද අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුව ඇත.

උපුටා ගැනීම

සිසිර කිත්සිරි

No automatic alt text available.

No automatic alt text available.

 

දැන්වීම්
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 292
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 583
අමතක කරවන අතීතයෙන් බිඳක්...
- ජනිත් විපුළගුණ
2017-09-23 08:28:44 - 419
තැළී පොඩි වන්නෝ...
- අරුණ වාසලමුදලි
2017-09-23 08:26:27 - 604
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 16708
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2014-06-18 17:22:53 - 10810776
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10706806
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8616680
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8521472
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8336290
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'