Logo

 

යහපාලුවන්ට එරෙහි පළමු වෙඩිමුරය බැසිල් තබා හමාරය..

- ඉරෝෂ් හෙට්ටිගේ විසිණි.



-- පොහොට්ටුව හා බැසිල් --

"ඔන්න මහින්ද අලුත් පක්ෂයක් පිහිටුවනවා" "ඒ පක්ෂයේ ආරම්භය හෙට රැලියෙන්"
ඔය වගේ කථා ගොඩාක් බොහොමයක් පසුගිය දේශපාලන වේදිකාවේ අසන්නට ලැබුනි.. නමුත් නෙලුම් පොහොට්ටුවක් තියා ඕලු මලක් වත් පිපුනේ නැත. බලාපොරොත්තු දෑස් අයාගෙන සිටි උන් නිරුත්තරව බිම බලාගත්හ. " කෝ මහින්ද හදන පක්ෂයක් නෑ" " මහින්දට ඕන නිදහස් පක්ෂයේම ඉන්න" " ඒත් නව බලවේගයක් ඕනා" ඔය වගේ කථා තැනින් තැනින් ඇසුනේය.. තව තැනක බැන වැදුනේය... නමුත් මහින්ද නිහඩව සිටියේය..

නමුත් මහින්දට පක්ෂයක් හදන්න වෙලාවක් තිබුනද...?
පරාජයෙන් පසු වැඩිම ජනප්‍රියත්වයක් ලද නායකයා මහින්දයි.. එය පරාජයක් නොව පසුබෑමකි.. නමුත් යහපාලනය පැමිණ මාසය ඉකුත් වෙන්නට මත්තෙන් ජනතාව නැවතත් මහින්ද ඉල්ලූහ.. ඔහු නොසෑහෙන්න වෙහෙසකර ගමනකට අවතීර්ණ වන්නට විය.. ඉතින් නව පක්ෂයක් තියා තියෙන පක්ෂයේ ඉන්න වෙලාවක්වත් මහින්දට තිබුනේ නැත. නමුත් නව පක්ෂයක් , බලවේගයක් ඇවැසි බව අපට කලින් ඔහු දැන සිටියේය.

බැසිල්ගේ භූමිකාව ...?
මහින්ද රට වටේ ජනතාව හමුවෙද්දී .. නව ජනතා බලවේගයේ තිරය පිටුපස නියමුවා " බැසිල් " ය. ඔහු ලද නිදහසක් නොවූ නිදහසින් ගානට ගේම ගැසුවේය. සතියට දින 2ක් පොලිසියේ පෙනී සිටීමට, මාසයකට දින 3 ක් උසාවි යන්නට, එෆ්සීඅයිඩී, රහස් පොලිස් ඔය ආකාරයේ ඔහුගේ නිදහස යහපාලුවන් සීමා කරද්දී ඔහු නිහඩ පිළිවෙතක් තුල නව යාන්ත්‍රණයට පිඹුරුපත් ඇන්දේය.. තම දියණියට දරු ප්‍රසූතියෙන් පසු වසරක් යන තුරුම මේ වන තෙක්ම තම මුණුබුරා බැලීමට බැසිල් වාසනාවන්ත නොවූයේය.. යහපාලුවන් ඔහු මෙරටට සීමා කොට ඔහුගේ පවුලේ අයට මෙරටට ඇතුලුවීමට වලකා ලූ හෙයිනි.. ඔහු ඉවසුවේය.. ඒ වේදනා සිත්හි දරාගෙන ඔහු නව යාන්ත්‍රණය සාර්ථකව දියත් කලේය.. මහින්ද නිදහස් කර ඔහු බර එදා මෙන්ම අදත් තනිව ඇද්දේය.. නව පක්ෂය බිහිවුනි.. " ශ්‍රීලංකා පොදුජන පෙරමුණ" ලකුණ " නෙලුම් පොහොට්ටුව" බලාපොරොත්තු දෑස් ආගෙන සිටි සැවොම නව පණක් ලද්දා මෙන් විය.. නමුත් මහින්ද ඒ පක්ෂයේ නැත්තේ ඇයි දැයි විමසූහ.. " බැසිල් " මොකද මේකටත් පැන්නෙ.. සමහරු එහෙමත් කියූහ...

නමුත් පොහොට්ටුව බැසිල්ගේ ව්‍යායාමයේ සාර්ථක ප්‍රථිපලයකි.. ඔහුගේ උත්සාහයේ ප්‍රතිපලයකි. දෑස් වසා බිම බැලූ අය නැවත් බලාපොරොත්තු දෑස් දල්වන්නට කාලය එලඹ ඇත. යහපාලුවන්ට එරෙහි පළමු වෙඩිමුරය බැසිල් තබා හමාරය... ඒ නිහඩ මොලකරුවාගේ සූක්ෂම ගේම් එකකි...

ඒ තමයි හැමෝගෙන්ම බැණුම් අහගෙන කරපු අපි නොදන්න බලවේගය..

ඔහු " බැසිල් රාජපක්ෂයි......."

-- ඉරෝෂ් හෙට්ටිගේ --

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 1667
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 419519
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 939242
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1282703
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1244976
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 7835005
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 7676607
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6592241
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6592935
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6471683
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'