Logo

 

ප්‍රෝඩාකාරී මයාමි ඝෝෂාව සහ මා දෑසින්ම දුටු සැබෑ කියුබාව

- අසිත ඩයස් - ශ්‍රී ලංකා කියුබානු උපාධිධාරීන්ගේ සංගමය විසිණි.



ෆිදෙල්ගේ මරණය හේතුවෙන් ඇමරිකාවේ මයාමිවල වෙසෙන කියුබානුවන් ප්‍රීතිඝෝෂා නඟන දර්ශන මේ වනවිට බටහිර මාධ්‍යවලට රසමසවුලක් වී තිබේ. තමන්ට අවනත නොවූ පාලකයන් සම්බන්ධව ඔවුන් එදා මෙදා තුර අනුගමනය කරන පිළිවෙත දැනට පිදෙල් සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් ඇත්තේ එසේය. ඉදිරියේදී මේ මාධ්‍ය ප්‍රෝඩාවට නා නා මාදිලියේ අලුත් අංගෝපාංගද එකතු වීමට තිබේ.
   කෙසේවුවද කියුබාවේ හත්වසක් ජීවත් වූ සහ තවමත් කියුබාව සමඟ ගනුදෙනු කරන ලාංකිකයෙකු ලෙස ෆිදෙල් නැමති සදානුස්මරණීය නායකයා ඒ රටට ලබාදුන් ජයග්‍රහණ කෙතරම් අනභිභවනීයද යන්න මම හොඳාකාරවම දනිමි. ඒ අනුව ෆිදෙල්ගේ මරණය ගැන මගේ කියුබානු මිතුරන් ඇතුළු බහුතරයක් කියුබානුවන් මහත් සේ කම්පාවන බවද මම හොඳින්ම දනිමි. ඔහු කෙරේ වෛරයෙන් පසුවන රටින් පළාගිය සුළු පිරිසක් සිටින බවද බොරුවක් නොවේ. ඕනෑම ප්‍රබල විශිෂ්ට නායකයෙකුට වෛර කරන පිරිසක්ද සිටීම ඉතා සාමාන්‍ය කාරණයක් වන්නේ සියලු දෙනාගේ සතුටට හේතුවන ආකාරයට, කටුක අභියෝග ජයගනිමින් රටක් පාලනය කළ හැකි කිසිදු පාලකයකු ලෝකයේ සිටිය නොහැකි බැවිනි. නමුත් ඒ සාමාන්‍ය සත්‍යයෙන් බොහෝ ඔබ්බට ගිය දේශපාලන මෙහෙයුමක්ද මේ මයාමි ඝෝෂාව පසුපස ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
  අද ෆිදෙල් වෙනුවෙන් කම්පාවන කියුබානුවන්ගේ දර්ශන බටහිර මාධ්‍යවලට හසුවන්නේ ඉතා අඩුවෙනි. මයාමිවල සිටින සුළු පිරිසකගේ නාඩගමට පමණක් ඔවුන්ගේ කැමරා ඇස් විවෘතය. අනෙක් අතින් කියුබානුවන්ට අන්තර්ජාල පහසුකම් ආදියේ නොයෙකුත් සීමාකම් ලෝක බලවතුන් විසින්ම පනවා තිබේ. එපමණක්ද? කියුබාව අතහැර මයාමිවලට පලා එන කියුබානුවන්ට ඇමරිකාවෙන් ඉහළ සැලකිලි හිමිවෙයි. විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් මේ පිරිස කියුබාවට එරෙහිව මෙහෙයවීම අද ඊයේ සිට සිදුවන්නක් නොවේ. ඒ අනුව අද අපට පෙනෙන මේවා හුදු අහිංසක ප්‍රීති ඝෝෂා නොව ඇමරිකානු ඩොලර් ගංගා මත සිදුවන සැනකෙළි බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නොවේ. එසේ පණ ගන්වනු ලබන ඝෝෂාවන් බටහිර මාධ්‍ය බලාධිකාරය ඔස්සේ තව සියගුණයක් විශාල කොට ලෝකයට පෙන්වීම ඔවුන්ට සුලු දෙයකි. ඉතා අල්පේච්ඡ නායකයකු වූ ෆිදෙල්ව වරෙක ලෝකයේ ධනවත්ම ජනාධිපතිවරුන් දසදෙනා අතරට ඇතුළත් කරන ලද්දේද මේ මාධ්‍ය මාෆියාව ඇතුළු බටහිර බලාධිකාරීන් විසිනි. අද ඔවුන් මියගිය ෆිදෙල්ව ජනතාවගේ පිළිකුළට ලක්වූ නායකයකු බවට පත්කිරීම සඳහා කුලී සේනාවක් උසිගන්වමින් සිටිති.
   එසේ වුවද ෆිදෙල්ට ආදරය කරන මිනිසුන් අද ලොව පුරා කොතෙක් සිටීද යන්න ෆේස්බුක් වැනි ඇමරිකාවට අයත් සමාජ ජාලා තුළින් වුවද ඔවුන්ටම දැකබලා ගත හැකිය. ෆිදෙල් සම්බන්ධව කියුබානු වැසියන්ගේ ප්‍රතිචාර කවරාකාර වේදැයි ෆිදෙල්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන අවස්ථාවලදී තවදුරටත් දැකබලා ගත හැකි වනු ඇත.

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 1667
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 419519
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 939242
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1282688
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1244937
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 7832799
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 7674502
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6592029
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6592826
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6471483
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'