Logo

 

"ද්‍රෝහීන්" ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් අතුගා දමමු...!

- අරුණ වාසලමුදලි විසිණි.



 

මහින්ද රාජපක්ෂට අලුත් දේශපාලන පක්ෂයක් හදන්න කියලා ලොකු අරගලයක් කරපු අයගෙන් කෙනෙක් නේ මම... ඉතිං මහින්ද රාජපක්ෂ අලුත් දේශපාලන පක්ෂය හැදීම හරහා ඉටුවෙයි කියල හිතපු එක්තරා බලාපොරොත්තුවක් මගේ යටි හිතේ තිබුණා ...

මහින්ද රාජපක්ෂ වෙනම පක්ෂයක් හැදුවේ නැතුව ශ්‍රීලනිපයේම බලය ඇල්ලුවයි කියමුකෝ... කවුද එදාට මහින්දගේ ආණ්ඩුවේ ඉන්නේ..? ඉන්නේ එස් බී දිසානායකලා... ඩිලාන් පෙරේරලා... රාජිත සේනාරත්නලා... මේගොල්ලෝ ටිකම තමයි එහෙට පැනලා එහෙත් ඇමතිකම් කරලා, මෙහෙට පැනලා මෙහෙත් ඇමතිකම් කරන්නේ...

එතකොට අලුතින් පිපෙන්න ඉන්න මල් වලට මොකද වෙන්නේ...? පළාත් සභාවල, නගරසභාවල අපේ වචනයෙන් කියනවා නම් "සුපිරි බුලට්" ඉන්නවා නේ බොලව්...! උන්ට තියෙන තැනයි අර පරයෝ එහෙට මෙහෙට පැන පැන නැති කරන්නේ...! ඊට වඩා වැදගත්ම දේ තමයි එහෙත් ලොකුම දූෂණ කරලා මෙහෙත් ලොකුම දූෂණ කරන්න තමා මුන් එහෙට - මෙහෙට පනින්නේ...!

හරි හදිසියක් වගේ අලුත් පක්ෂයක් හදන්න අපි කිව්වේ ඇයි...? අපිට සමහරු කියන්න ගත්තා පක්ෂ හදන්න ඕන ඡන්ද කිට්ටු උනාම කියලා.. බොහෝ දුරට මේ කතාව පැතිරෙව්වේ මහින්දට උදව් කරපු සුළු පක්ෂවල සාමාජිකයෝ... සමහර විට මහින්දගේ නාගරික මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු ඒ පක්ෂවලට ඈදා ගන්න අදහසක් තිබුනද දන්නේ නෑ... කොහොම උනත් අපේ අරගලය නැවතුනේ නැහැ... අපේ උගතුන් බොහෝ පිරිසකුත් මේ ගැන තද මතයක හිටියේ... මහින්ද රාජපක්ෂ අලුත් පක්ෂයක් හැදිය යුතුමයි කියන මතයේ....

ඇයි තකහනියක් හදිසියට පක්ෂ හදන්න කියලා අපි කිව්වේ...?

අපිටම කියලා පක්ෂයක් හැදෙන්න ඕන අපිටම කියලා පළාත් පාලන මන්ත්‍රීවරු බිහිවෙන්න... අපිටම කියලා පලාත්පාලන මන්ත්‍රීවරු බිහිවෙන්න ඕන අපිටම කියලා පළාත් මන්ත්‍රීවරු බිහිවෙන්න... අපිටම කියලා පළාත් මන්ත්‍රීවරු බිහිවෙන්න ඕන අපිටම කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිහිවෙන්න.... මේකට කාලයක් අවශ්‍යයි... කාලය අවශ්‍ය නිසා තමා අපි කිව්වේ හැකි ඉක්මනින් පක්ෂය හදන්න කියලා...

අලුත් පක්ෂය බිහිවීම අවසානයේ එහෙට පැනලා මෙහෙට පනින එස් බී ලා වගේ මිනිසුන්ගේ දේශපාලන භූමිකාවට විරාමය තියන්න අපිට හැකියාවක් ලැබෙනවා... ඒක ජාතියක් වශයෙන් අපිට ලබන්න පුළුවන් විශිෂ්ඨ ජයග්‍රහණයක්... "අලුත් දේශපාලන ලෝකයක්" බිහිකරන්න හැකියාව ලැබෙන්නේ එතැන ඉඳන්... අලුත් පක්ෂය හැදීම හරහා ලබන සෙසු සියලු ජයග්‍රහණ අභිබවා ලබන "සැඟවුණු ජයග්‍රහණය" තමා ඒ...

ඉතින් දැනටමත් අපි දිනලා අවසන් කියලත් හිතෙනවා... ඒත් කවදා හරි දවසක එස් බී ලා , ඩිලාන් පෙරේරලා අලුත් පක්ෂයට ගත්තොත් වෙන්නේ මා ද සමගින් අපි ලැබූ ඒ අමිල ජයග්‍රහණය ආපසු හැරවීමක්... ඒ නිසා එවැනි පිරිස් නව පක්ෂයට සම්බන්ධ කරගනිමින් රටට හිතැති "සුපිරි බුලට්" වෙනුවෙන් ඇති ඉඩකඩ අවුරා දැමීම කිසි ලෙසකින් වත් සිදු නොකළ යුත්තක්...!

- අරුණ

Image may contain: 4 people

දැන්වීම්
ලොව විශාලතම මතක ශක්තියට හිමි ගිනස් වාර්තාව දරන මිංගුන් සයදේව් ස්වාමින් වහන්සේ.
- ඉන්දික කුමාර
2017-05-20 23:38:52 - 121867
මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය
- ඉන්දික කුමාර
2017-05-20 07:28:29 - 130733
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පරිහානියට වගකිව යුත්තේ කවුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-16 19:39:27 - 170221
බුදු දහම විකුණන මහාචාර්යවරුන්ගෙන් පරිස්සම් වෙන්න !
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-05-11 22:09:21 - 192761
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 636530
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 4271502
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 4000210
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 3965131
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 3914630
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 3908455
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'