Logo

 

අතුරුපසට හෝ තේ මේසයට චොකලට් ස්ට්‍රෝබෙරි මූස් කේක්

- ඉන්දුනී වැලිවිට විසිණි.
මෙවැනි තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා මෙම ලේඛිකාවගේ ෆේස්බුක් පිටුව සමග එක් වන්න.



මෙයට ස්පොන්ජ් කේක් බේස් එක, ස්ට්‍රෝබෙරි මූස්, චොකලට් මූස් සහ චොකලට් ගනාචේ හදා ගන්න ඕන. මම මූස් වලට බිත්තර දැම්මේ නෑ. මූස් හදන නියම ක්‍රමයේදි බිත්තර දානවා (බාගෙට වගේ cook කරලා). පොඩි බබාලට, ෆ්‍රෙග්නන්ට් අයට, ගොඩක් වයසක අයට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල අයට බිත්තර හොඳින්ම තම්බන්නේ නැතුව දෙන්න හොඳ නැති නිසා මූස් වලට ඩබල් ක්‍රීම් දාලා මේ විදියට හැදුවේ.

1. ස්පොන්ජ් කේක් බේස් එක....
අවශ්‍ය ද්‍රව්‍ය:
ලොකු බිත්තර 3
පිටි 75g (මෙයින් තේ හැන්දක් ඉවත් කර කොන් ප්ලවර් හැන්දක් දමන්න)
කුඩු කළ සීනි 100g
කොකෝවා 25 g
වැනිලා මේස හැදි 1
උණු වතුර 15ml

සාදන ආකාරය:
• අවන් එක 220⁰C (Fan 200⁰C) රත් කරන්න.
• බටර් ගා ගත් තැටියකට (33.6cm x 22.5cm) තෙල් කඩදාසියක් දමා සූදානම් කරගන්න.
• බිත්තර සහ සීනි බඳුනකට දමා ක්‍රීම් වන තුරු (soft peak) බීට් කරන්න.
• පිටි සහ කොකෝවා 3 පාරක් හලා ගන්න.
• පිටි වලින් බාගයක් බිත්තර මිශ්‍රණයට දමා spatula එකකින් fold කරන්න.
• ඉන්පසු ඉතිරි පිටි ටිකත් බිත්තර මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර වන තුරු fold කරන්න.
• අන්තිමටම උණු වතුර කලවම් කර ගන්න.
• මෙය සූදානම් කළ තැටියට දමා විනාඩි 7-9 බේක් කරගන්න.

2. ස්ට්‍රෝබෙරි මූස්.....
අවශ්‍ය ද්‍රව්‍ය:
ස්ට්‍රෝබෙරි ගෙඩි 5-10
සීනි කෝ. ¼
වතුර කෝ. ½
ක්‍රීම් චීස් 100g
ඩබල් ක්‍රීම් (හෝ විපින් ක්‍රීම්) 200 ml

සාදන ආකාරය:
• ස්ට්‍රෝබෙරි, සීනි, වතුර දමා උණු කර පෙරා ගෙන ස්ට්‍රෝබෙරි සිරප් මේස හැඳි 6 හදා ගන්න.
• එයට ජෙලටින් තේ හැඳි 2 දිය කරන්න.
• ක්‍රීම් චීස් මඳක් බීට් කර ගෙන ස්ට්‍රෝබෙරි සිරප් සමග කවලම් කරන්න.
• ඩබල් ක්‍රීම් (හෝ විපින් ක්‍රීම්) ගෙන කඳු වගේ (stiff peak) හැදෙන තුරු whisk කර ස්ට්‍රෝබෙරි - ක්‍රීම් චීස් මිශ්‍රනයට කවලම් කර ගන්න.

3. චොකලට් මූස්......
අවශ්‍ය ද්‍රව්‍ය:
ඩාක් චොකලට් සහ මිල්ක් චොකලට් 125g (දෙකේම බර එකතුව)
බටර් 50g
සීනි මේස හැඳි 1
ඩබල් ක්‍රීම් 100ml
ජෙලටින් තේ හැඳි 2
මඳ රස්නේ වතුර තේ හැඳි 2

සාදන ආකාරය:
• බටර් රත් කර දිය කරන්න.
• එයට ඩාක් චොකලට් සහ මිල්ක් චොකලට් දමා දිය වන තුරු කවලම් කරන්න.
• එයට සීනි දමා දිය කරන්න.
• ඩබල් ක්‍රීම් stiff peak හැදෙන තුරු whisk කර චොකලට් මිශ්‍රනයට දමා whisk කර ගන්න.
• එයට ජෙලටින් සහ වතුර දමා කවලම් කර හොඳින් දිය වු පසු එකතු කරන්න.

4. චොකලට් ගනාචේ...
අවශ්‍ය ද්‍රව්‍ය:
ඩබල් ක්‍රීම් 30ml
ඩාක් චොකලට් 30g (හෝ මිල්ක් චොකලට් 40g)
සාදන ආකාරය:
• ක්‍රීම් උණු කරන්න. උතුරන්න පෙර ලිපෙන්න බාන්න. මයික්‍රොවේව් කරන්නත් පුලුවනි.
• දැන් කෑලි කපා ගත් චොකලට් දමා දිය කර නිවෙන්න තියන්න.

මූස් කේක් එක සාදන ආකාරය:
• කේක් එක නිවුණු පසු ගැඹුරු හතරැස් බඳුනක (දිග 4’’Xපළල 10’’X උස 3’’) පතුලේ ප්‍රමාණයට තට්ටු 3 කපන්න.
• බඳුනේ ඇතුල ලයිනින් කරන්න (cling film, lunch sheet, baking paper, polythene paper, foil මේ ඕනෑම දෙයකින්).
• බඳුන තුල පළමු කේක් තට්ටුව දමා එය මත චොකලට් මූස් වලින් බාගයක් දමා ශීතකරණයේ විනාඩි 15 පමණ තබන්න.
• ඉන්පසු චොකලට් මූස් උඩින් ස්ට්‍රෝබෙරි මූස් වලින් බාගයක් දමා ශීතකරණයේ වි 15 පමණ තබන්න.
• මෙසේ ඉතිරි කේක් තට්ටුත් දමා ගන්න. අවසානයට තියෙන්නේ කේක් තට්ටුව විතරයි. එය මත සාදා ගත් චොකලට් ගනාචේ (නිවුණු) වක් කරන්න.
• මෙය අවම වශයෙන් පැය 4ක් වත් ශීතකරණයේ තබන්න.
• රැයක් තියන්න පුලුවන් නම් හොඳයි. දැන් බඳුණ එළියට ගෙන ලයිනින් එකෙන් උස්සා මූස් කේක් එක එළියට ගන්න.
• උණු වතුරේ දමා ගත් පිහියකින් කෑලි කපන්න. සංග්‍රහ කරන විට ස්ට්‍රෝබෙරි සමග පිළිගන්වන්න.

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12156581
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12166205
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9647650
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9554804
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9380753
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'