Logo

 

රුව වඩන විෂ නසන කහ වගාවකින් ඔබේ අතමිට සරු කරගන්න

- ඉන්දික කුමාර විසිණි.



පිළිකා නාශක ගුණැති කහ ආර්ථික වටිනාමක් ඇති භෝගයකි.ආහාර සැකසීම ඖෂධ සහ විෂබීජ නාශකයක් ලෙසත්,රෙදිපිළි වර්ණ ගැන්වීම් සහ රූපලාවණ්‍ය කටයුතු සඳහාත්  භාවිතා කරයි.ලෝකයේ කහ නිෂ්පාදනය කරන ප්‍රධාන රට ඉන්දියාවයි. එය ලෝක නිෂ්පාදනයෙන් 75% කි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තය, තමිල්නාඩුව, කර්ණාටක, ඔරිස්සා, මහාරාෂ්ට්‍ර, කේරලය සහ බිහාර් වැනි ප්‍රාන්තවල කහ නිපදවයි. හයිටි, ජැමෙයිකාව හා පීරු යන රටවල් ද ප්‍රධාන කහ අපනයනකරුවෝ වෙති.දේශීය අවශ්‍යතාවයන් සපුරාලීම සදහා වියළි කහ මෙ.ටො. 4200ක් පමණ ආනයන කිරීම සඳහා රු.මි. 543 පමණ වැය කරයි. දේශීය අවශ්‍යතාවය සපුරාලමින්  අනාගතය සඳහා වැයවන මුදල් ඉතිරිකර ඔබගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට කහ වගා කිරීමට ඔබත් එකතුවන්න.

වගා කරන ප්‍රද්‍ෙශ

කුරුණෑගල,මහනුවර,මාතලේ,ගම්පහ,කොළඹ,කෑගල්ල,නුවරඑළිය,කළුතර,ගාල්ල,මාතර,මොණරාගල යන දිස්ත්‍රික්කවල කහ වගාව ව්‍යාප්තව ඇති අතර ජල සම්පාදනය යටතේ අම්පාර,පොළොන්නරුව වැනි වියළි කළාපයේ තෝරාගත් ප්‍රදේශවලද වගාව ව්‍යාප්ත කල හැකි වේ.

වගා ආරම්භය                                                

මාර්තු,අප්‍රේල් මාසවලදී අල සිටුවීම සුදුසු වේ.

කහ පාත්තියක් සකස් කිරීම

පාත්ති ප්‍රමානය - අඩි 10ක් දිග හා අඩි 4ක් පළල අඩියක් ගැඹුරට පස පෙරලා කැට පොඩිකර අඟල් 4ක් පමණ පොළොව මට්ටමේ සිට උස්වු පාත්ති සකස් කරගන්න.

පාත්තිය වටා අඩි 1.5 පමණ කානුවක් යොදන්න.සකස් කරගත් පාත්ති මතට දිරූ සත්ත්ව පොහොර හා පිළිස්සූ දහයියා යොදා හොඳින් පස් සමඟ මිශ්‍ර කරගැනීමෙන් වැඩි ප්‍රථිඵල ලැබේ.

කහ බීජ අවශ්‍යතාවය

පාත්තියක් සඳහා බීජ අල කිලෝ ග්‍රෑම් 1.7 පමණ.

සිටුවන පරතරය

පේළි 02ක් අතර අඩි 1ක් සහ පැළ 02ක් අතර පරතරය අඩි 1ක් සිටින සේ බීජ සිටුවන්න.අඟලක පස් තට්ටුවකින් කහ අල වසා අතින් තද කර ඒ මතට වසුන යොදන්න.වසුන් සඳහා දහයියා, පිදුරු හෝ පොල් අතු භාවිත කළ හැකිය. මාස 03කට වරක් වසුන් අලුත් කරගත යුතුයි.

මූලික පොහොර යෙදීම

(අඩි 10x4 පාත්තියක් සඳහා.)

පොහොර වර්ගය සිටුවා දින 45 දී සිටුවා දින 90 දී
කාබනික පොහොර     10Kg              12Kg           
යූරියා        32g    32g  
ත්‍රිත්ව සුපර් පොස්ෆේට් 52g   -
මියුරේට් ඔෆ් පොටෑෂ් 50g  150g 

 

පේළි අතර පස් බුරුල්කර පොහොර යොදා වසුන් දමන්න . කහ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා කහ පාත්තියට වගාකර මාස 05 දක්වා කාලයක් තුළ ග්ලිරිසීඩියා අමු කොළ කිලෝ ග්‍රෑම් 4ක් යොදන්න.  

රෝග හා පලිබෝධ පාලනය

කහ වගාවට වැළඳෙන දිලීර රෝග තුනක් ගැන සඳහන් වේ. පත්‍ර පුල්ලි රෝගයේදී පත්‍රයේ උඩු හා යටි දෙපැත්තේම දුඹුරු පැහැති පුල්ලි හට ගනියි. මේ පුල්ලි පසුව කහ පැහැයට ද අනතුරුව රන්වන් පැහැයට ද හැරේ. මෙය පාලනයට බෝඩෝ මිශ්‍රනයෙන් 1%ක් යෙදිය හැකිය.කහ ලප කහ වගාව ආශි‍්‍රතවූ තවත් දිලීර රෝගයකි. මේ කහ ලප ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙන අතර පත්‍රය පුරා විහිදී පත්‍රය වියලී යයි.

රයිසෝම කුණුවීම ඇති කරනු ලබන්නේ Phythium නම් වූ ඝනයට අයත් දිලීර විශේෂයක් මඟිනි. මෙහිදී පත්‍ර දාරයේ සිට ආරම්භ වී මුළු පත්‍රයම අවසානයේ දී වියලී යන තත්ත්වයකට පත් වේ. සමහර විට ව්‍යාජ කඳට ද මේ රෝගී තත්ත්වය ව්‍යාප්ත විය හැකිය. මෙහිදී රෝගී වගාවන් සඳහා 0.3% මැන්කොසෙබ් දිලීර නාශකය ඉසින්න.

කහ වගාවට හානි කරන පලිබෝධයන්ද කීපයක් වේ. කඳ විදින දළඹුවාගේ හානියේදී පොළොවට ආසන්නව අඟල් 03ක් පමණ ඉහලින් කඳ සිදුරු කර ඇති බව දැකිය හැකිය. එයට තවත් අඟල් 04ක් පමණ ඉහළින් තවත් සිදුරක් තිබේ නම් එය කඳ පණුවා සළඹයෙකු වී පිට වී ගිය සිදුරයි.වගාව හොඳින් පරීක්ෂා කර බලා එහි සිදුරු සහිත කඳන් දැකිය හැකි නම් සිදුරට පහළින් කපා පුලුස්සා දැමිය යුතුයි. එමඟින් පැතිරීම පාලනය කළ හැකිය. කොහොඹ තෙල් 0.5% ක් සති දෙකකට වතාවක් කහ වගාවට ඉසීමෙන් කෘමි හානිය පාලනය කළ හැකිය.

අස්වනු නෙළන කාලය

කහ පත්‍ර වියළි අල හොඳින් මෝරා ඇති විට අස්වනු නෙළන්න. මේ සඳහා බීජ අල සිටුවන මාස 8-9ක් පමණක් ගතවේ.

අස් වැන්න

කහ කිලෝ එකක් වගා කිරීමෙන් කිලෝ 10-15 දක්වා අස්වැන්න ලබා ගත හැකිය . අඩි 10X4 පාත්තියකින් කහ අල කිලෝ ග්‍රෑම් 25-35 පමණ ලබා ගැනීමට හැකි වේ.

කහ අස්වනු සකස් කිරීම

මාස 8-9 පමණ වූකහ අල ගලවා ශුද්ධ කර හොදින් සෝදා පසුව උතුරන වතුරේ ගිල්වා විනාඩි 30ක් තම්බා  ගන්න.ඉන්පසුව උදේ වරුවේ පැය 02ක් හා හවස් වරුවේ පැය 02 බැගින් අව්වේ වියළා  ගන්න. ම්‍යභ්නයේ හිරු එළියෙන් ඉවත් කර පදම් කරමින් දින 5ක් පමණ වියළීම සුදුදු වේ. හොඳින් වියළන ලද කහඔප දමා ගන්න. ‍මේ සඳහා ඔප දැමීමේ යන්ත්‍රයක්ද හදුන්වා දී ඇත. ඉන් පසු තද අව්වේ කහ හොඳින් වියළෙන තෙක් වියළීම කළ යුතු වේ.

 

ප්‍රධාන නිෂ්පාදන

අමු කහ, වියළි කහ, කහ කුඩු, කහ පෙති.

ආදායම

 කහ කිලෝ 01ක් සඳහා ගොවිපොළ මිල රු. 50ක් පමණ වන අතර , අඩි 10x4 පාත්තියක වගා කිරීමෙන් රු.1,250 සිට රු.1,750 දක්වා අදායම ලබා ගැනීමට හැකි වේ. රු.400 පමණ බීජ අල සහ පොහොර සඳහා වැය වේ.

 

උපදෙස්

පී ජී අයි ඒ කුමාර

අධ්‍යක්ෂක

කෘෂි සේවා පියස

ඇඹිලිපිටිය

 

0715689623

 

                                    

                                                                                          

 

දැන්වීම්
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 292
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 577
අමතක කරවන අතීතයෙන් බිඳක්...
- ජනිත් විපුළගුණ
2017-09-23 08:28:44 - 419
තැළී පොඩි වන්නෝ...
- අරුණ වාසලමුදලි
2017-09-23 08:26:27 - 597
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 16575
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2014-06-18 17:22:53 - 10810386
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10706300
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8616263
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8521034
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8335787
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'