Logo
2020 අප්‍රේල් මස 6 වැනි සඳුදා
Loading...

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 267ට සිමා වෙයි

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක් දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 267ක් ලබාගැනීමට සමත් වී තිබේ. තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වු අතර තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 පන්දු 2කදී සියලු දෙනා දැවී රැස් කළ‍ හැකි වූයේ, ලකුණු 267ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 86ක් හා මහේල ජයවර්ධන ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වු අතර සෙසු ක්‍රීඩකයින්ට සාර්ථක වීමට නොහැකි විය. පන්දු යැවීමේදී රයන් මැක්ලරන් ලකුණු 71කට කඩුලු 4ක් ලබා ගත්තේ ය. ඒ අනුව මෙම තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 268ක ඉලක්කයක් හිමිව තිබේ.




Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'