Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

පොලිස් ජිප් රථයේ ගැටී දෙදෙනෙකු මරුට

අම්බලන්තොට, එක්කස්සිය ප්‍රදේශයේ දී අද(07) අලුයම 3 30ට පමණ පොලිස් ජිප් රථයක යතුරුපැදියක් ගැටීමෙන් දෙදෙනෙකු මරණයට පත් වී අැත. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 39ක් වන ඔහුගේ බිරිඳයි.

ඔවුන් අම්බලන්තොට රුහුණු පෙරියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නෑ ගෙදරකට මහ රෑ හොරු පැන ඇතැයි ලැබුණු ආරංචියක් අනුව ඔවුන් අද අළුයම එහි ගොස් ආපසු ගෙදර පැමිණෙමින් සිටියදී මෙම යතුරුපැදිය පොලිස් රථයේ පිටුපසින් හැපී ඇති බව සදහන් වේ. ජිප් රථය අම්බලන්තොට පොලිසියට අයත් එකක් වන අතර එම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'