Logo
2019 සැප්තැම්බර් මස 21 වැනි සෙනසුරාදා

කහ පාට මාර්ග සංඥා සුදු පාට වේ

මෙතෙක් පැවති කහපාට මාර්ග සංඥා සලකුණු සුදු පාටින් වර්ණ ගැන්වීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊට හේතුව ලෙස මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ කහපාටින් වර්ණ ගැන්වුණු මාර්ග සංඥා රාත‍්‍රී කාලයේදී රියදුරන්ට පැහැදිලිව දිස් නොවන බවයි.

එමෙන්ම මෙතෙක් භාවිතයේ නොතිබුනු අධිවේගී මාර්ගයේ දී භාවිතයට ගන්නා සංඥා සලකුණු සහ අන්තරායක රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා සලකුණු ද ඇතුළත් කළ නව ගැසට් නිවේදනයක් නුදුරේදීම ප‍්‍රකාශයට පත් කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර මහතා සදහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්‍යාව 215 ඉක්මවනු ඇත.නව මාර්ග සංඥා ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනකුරුව ඒවා රියදුරු මාර්ගෝපදේශ ග‍්‍රන්ථවලට ඇතුළත් කරනු ලැබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'