Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

වල්ලපට්ටා ජෙලිමල සමග අටක් දැලේ

වල්ලපට්ටා ජෙලිමල හෙවත් වල්ලපට්ට ශාකයේ මැලියම් ග‍්‍රෑම් 760ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. කැබ් රථයක් මගින් මෙම වල්ලපට්ටා මැලියම් ප‍්‍රවාහනය කරමින් තිබියදී නෝවුඩ් ප්‍රදේශයේදී අද (06) අලූයම සිදුකළ හදිසි වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ, උකුවෙල, බගවන්තලාව, වැලිමඩ, මඩුකැලේ, කඳපොළ සහ මඩකළපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඞ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'