Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ප්‍රභල කොටි නායකයින් හතරදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවෙන් පැනගිය ප්‍රභල කොටි නායකයින් හතරදෙනෙකු මැලේසියාවේ බුකිට් අමාන් විශේෂ ත්‍රස්තවාදී මර්ධන ඒකකය විසින් ක්වාලාලාම්පූර් සහ සෙලන්ගර් නගරවලදී අත්අඩංගුවට ගෙන ඇත. එක් අයෙකුට එක්සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පතක් තිබී ඇති අතර ඔහු බෝම්බ පිළිබඳ විශේෂඥයෙකු බවත් තව අයෙක් 1999 වසරේදී හිටපු ජනපතිනියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්භන්ධ අයෙකු බවත් තුන්වැන්නා ඉනදියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් කිරීමට සැලසුම්කල අයෙකු බවත් සිව්වැන්නා එල් ටී ටී ඊ ජාලයතුල තොරතුරු ප්‍රචාරය කරන්නෙකු බවත් මැලේසියානු පොලිස්පති ශ්‍රී කලිඩ් අබු බකර් මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර හොර සංචාරක බලපත්‍ර සහ මැලේසියානු ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ නිළමුද්‍රාද තිබී ඇත. මෙම වසරේ මැලේසියාවේදී අත් අඩංගුවට ගත් කොටි ක්‍රියාකාරීන් 14 දෙනා අතරින් 7 දෙනෙතකුටම එක්සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත් තිබීම බරපතල ප්‍රශ්ණයක් බව ඔහු තවදුරටත් පැවසීය.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'