
රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජාතික හැදුනුම්පත හෝ වෙනත් හැදුනුම්පතක් පෙන්වීම අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සදහා වන නව චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සදහන් කරසිටී.
මෙරට ජනතාවගේ පෙනුමට සමාන දකුණු ආසියානු විදේශකයන් පැමිණ අපේ රෝහලවලින් බෙහෙත් රැගෙන සැත්කම් පවා සිදුකර ගන්නා බැවින් රෝහලවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී මෙසේ ජාතික හැදුනුම්පතක් පෙන්වීම අනිවාර්ය කරන බව අමාත්‍යවරයා පවසයි.
ඒ මහතා මේබව පැවසුවේ නුවරඑළිය මහ රෝහලේ ඉදිකරන ලද නව කායික වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේදී ය.