Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

කඩිනමින් සා පෙළ සිසුන්ට හැඳුනුම්පතක්

මෙවර 2014 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සඳහා කඩිනමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 31 වෙනි දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ වන සිසුන් තම ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා වන ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කරන ලෙස සියළුම පාසල් වල විදුහල්පතිවරුන්ට මේ වසරේ ජනවාරියේදී දැනුම් දී ඇති අතර එහෙත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා සඳහන් කරයි.

සිසුන් ලක්ෂ 5කට ආසන්න ප‍්‍රමාණයක් වසරකට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින නිසා හැඳුනුම්පත් ලබාදීමේ කටයුතු කඩිනමින් සිදුකළ යුතු බවත් දැනට ඉදිරිපත් වී ඇති ඉල්ලූම් පත‍්‍ර වල විවිධ අඩුපාඩු සහ දෝෂ පවතින බවත් ඒ මහතා කියා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'