Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ඉන්දීය ධීවරයින්ට කච්චතිව් තහනම් - ඉන්දීය රජය

කච්චතිව් මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නැතැයි,ඉන්දීය මධ්‍යම රජය විසින් අවධාරණය කර තිබේ.1974 දී අත්සන් තැබුණු ගිවිසුමට අනුව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදුන් බවත්, ඒ අනුව ඒ අවට මුහුදු තීරයේද අයිතිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් ඉන්දීය රජය පෙන්වාදී ඇත.

කච්චතිවු දූපතේ අයිතිය සම්බන්ධයෙන් ධීවර සංවිධානයක් අධිකරණයට ගොනු කර ඇති පෙත්සමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය ආණ්ඩුව මේබව දන්වා ඇත.මේ අනුව මැඩ්‍රාස් මහාධිකරණය පෙත්සම පිළිබඳ යළි විභාගය සති දෙකකට කල් දමා තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'