Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

පොලිස් ස්ථාන 17 ක මුල් පුටුවල වෙනසක්

නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා පොලිස් ස්ථාන 17 ක් සඳහා නව ස්ථානාධිපතිවරු පත්කර තිබේ.

ඒ අනුව,
මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී.එම්.එන්.ඒ.බී.තොටගොඩවත්ත මහතා, හැටන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්, කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එන්.ජයසුන්දර මහතා පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, වලස්මුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එම්.එම්.එස්.පී.කේ ගුණරත්න මහතා කොටුව ස්ථානාධිපතිවරයා ලෙසත්, නුවරඑළිය කොට්ඨාශයේ සේවය කළ යු.ජී.පී.ඒ මහින්දසිරි මහතා දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, කොළඹ වංචා විමර්ශන අංශයේ එච්.ඒ.ඩී.එස්.කේ පෙරේරා මහතා බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් පත් කර ඇත.

තවද,
මීට අමතරව කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සම්පත් බණ්ඩාර මහතා කළුතර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසත්, පරිසර ආරක්ෂක කොට්ඨාශයේ සේවය කළ සී.ඩබ්ලිව් ඉද්දමල්ගොඩ මහතා ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්,දැරණියගල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයි.ටී.බී දෙකන්දුවල මහතා රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'