Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

නව නාවික හමුදාපති වැඩ බාරගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (01) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී වැඩ බාර ගත්හ. කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි සිසුවෙකු වන ජයන්ත පෙරේරා මහතා නාවික හමුදා සේවයට එක්ව ඇත්තේ 1978 අගෝස්තු මස 23දාය.මෙම මහතා නාවික හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩලයට එක්ව එහි නාවික මෙහෙයුම් විශේෂ බලකායේ අධ්‍යක්ෂ, නාවික අවි අංශ‍ෙය් අධ්‍යක්ෂ, නාවික බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නාවික පුහුණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ඇතුළු තනතුරු රැසක්ම ඔහු විසින් දරා ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'