Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

රුහුණු සරසවි සිසුන්ට මැර ප්‍රහාර

රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් 8 දෙනෙකුට ඊයේ(30) සවස 7.00ට පමණ කිසියම් පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වු සියලුම සිසුන් ශිෂ්‍ය නායකයින් වන බැවින් මෙම පහර දීම ඉතා පැහැදිලි ලෙස ශිෂ්‍ය නායකයින් ඉලක්ක කර සැලසුම් සහගතව සිදු කෙරුනු පහරදීමක් බව අන්තර් විශ්වවිද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පවසාසිටී.

පහර කෑමට ලක්වු ශීෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති අතර සිසුන් නේවාසිකාගාරය බලා යමින් සිටි බස් රථය නවතා අවි ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් මෙම සිසුන්ට පහර දී ඇති බව වාර්තා වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'