Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

අලුත්ගම සිද්ධියෙන් අගතියට පත්වුවන්ට නොමිලේ නීති ආධාර

අලුත්ගම සහ බේරුවල ඇති වූ සිද්ධීයෙන් අගතියට පත් සියලුම පාර්ශවයන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර සැපයීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.මේ අනුව පසුගියදා අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල සිදුවු සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කණ්ඩායමක් ඊයේ (29) පස්වරුවේ එම ප්‍රදේශ වල සංචාරයක නිරත වු අතර මේ සදහා නීතිඥයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව ඇත.

මෙම පිරිස් එහිදී එම ප්‍රදේශ වල ජනතාව මුණගැසි ඔවුන්ගෙන් ප්‍රකාශයන් සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී එම කරුණු විශ්ලේෂණය කොට නඩු විභාග සඳහා සහභාගි වීමට නීතිඥ සංගමය තීරණය කර ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'