Logo
2021 මාර්තු මස 5 වැනි සිකුරාදා

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

පසුගිය 16 වනදා එම පි.සි.ආර් පරීක්ෂණය සිදුකර ඇති අතර මන්ත්‍රීවරයා මේ වන විට සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සඳහන්ය.

පසුගිය දින කිහිපයේ මෙන්ම ඊයේ  (24) දිනයේ ද වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයා රැස්වීම් ගණනාවක් සඳහා සහභාගි වි ඇති බව වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අද (25) දිනයේ පි.සි.ආර් පරීක්ෂණ සඳහා යොමුකිරිමට නියමිතය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ 06 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ වසන්ත යාපා බණ්ඩාර මහතාය.

මීට පෙර දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත සහ පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරුන් ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තිදෙනෙකු මේ වන විටත් සුවය ලබා තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'