Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

අපොස සාමාන්‍ය පෙළ - පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට





අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද  හෝ හෙට  ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

එම දිනවල දී විභාගය පැවැත්වෙන්නේ ද ? නැද්ද ? යන්න පිළිබඳව කඩිනමින් ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'