Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

ඊයේ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්





ඊයේ වාර්තා වූ ආසාදිතයින් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් 223 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 78 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ - 12 අලුත්කඩේ ප්‍රදේශයෙනි. ඒ ආසාදිතයින් 56ක් ලෙසය.

මීට අමතරව කොටහේන හා බ්ලුමෙන්ඩල් ප්‍රදේශයෙන් ආසාදිතයින් 45ක්, කොළඹ -2 ප්‍රදේශයෙන් ආසාදිතයින් 28ක්, ග්‍රෑන්ඩ්පාස් 17ක්, මට්ටක්කුලියෙන් 13ක් හා කොළඹ වරායෙන් ආසාදිතයින් 19ක් වාර්තා වී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'