Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල් ටිපර් රථයට යටකර මරයි.





දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස්  නිලධාරියෙකු  කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද අලුයම මරණයට පත් කර ඇති බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
             
මියගොස් ඇත්තේ නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ  නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල්, රත්නායක නැමති දෙදරු පියෙකි.
           
කොබෙයිගනේ දැදුරුඔය වැලි ජාවාරම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයට යට කරන ලද එම  නිලධාරීයා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි. වැටලීමට ගිය සෙසු නිලධාරීන්ටද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

සැකකරු සහ අදාල ටිපර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
                     
මෙම සැකකාර රියැදුරාට එරෙහිව නීති විරෝධී වැලි ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක්ම පවතින බවද පොලිසිය කියයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'