Logo
2021 ජනවාරි මස 27 වැනි බදාදා

හෙට සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරේ . තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කෙරේ





කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ සහ පිටකොටුව පොලිස් වසම් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර හෙට උදෑසන 5 සිට මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහා ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය හුදෙකලා කෙරෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.

එසේම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද හෙට උදෑසන 5සිට හුදෙකලා ප්‍රදේශ බවට පත්කෙරෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

වැඩිදුර තොරතුරු ඇතුලත් අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'