Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

වනජීවී රාජ්‍ය ඇමති සහ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක්





පොළොන්නරුවේ තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල දී රක්ෂිත වනාන්තර වලට ජනතාවට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බලපෑම් කළ අතර වනජීවී නිලධාරීන් ඊට දැඩිව විරුද්ධ වූහ.

වනජීවී නිළධාරින් කියා සිටියේ අධි සංවේදී පරිසර කලාප වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකිරීමට නීති විරෝධී බවත් එවන් කටයුතු සදහා කිසිදු අවසරයක් නැති බවත්ය.

එහිදී කෝප වූ ඇමතිවරයා වනජීවී නිලධාරීන්ට බැණ වැදුනු අතර විරෝධය පාමින් වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'