Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

කොවිඩ් ආසාදිත මහර බන්ධනාගාර රැදවියෙකු මරුට





රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ.

82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ රැඳවියෙකි. මොහු  2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'