Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්





බස්නාහිර පළතේ ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර, වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද සිටින බව පොලීසිය පවසයි.

විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මෙතෙක් නොවිසඳුනු අපරාධ 80ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'