Logo
2020 ඔක්තෝම්බර් මස 28 වැනි බදාදා

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට





කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 213යි
මිලිග්‍රෑම් 868ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ පොලීසිය විසින් අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'