Logo
2020 ඔක්තෝම්බර් මස 28 වැනි බදාදා

පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදිය වාහන දෙකක හැප්පෙයි - අයෙක් මරුට





නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ - මහනුවර මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහනුවර දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ නවතා තිබූ කාර් රථයක හා ජීප් රථයක ගැටී මාර්ගයේ ඇදී ගොස් අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වු පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි. ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

අනතුරට පත් අනෙක් නිලධාරියා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය සඳහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'