Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

රජරට විශ්ව විද්‍යාලය වැසේ

රජරට විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතු කරගනිමින් එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා දැමිමට පියවර ගෙන තිබේ.

තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා වෙත බල කර සිටීමත් සමග අැති වු උණූසුම්කාරි තත්ත්වය මේ සදහා හේතු වී අැත. සිසුන් 13ට පනවා ඇති පංති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් දින 200ක පමණ කාලයක් ක්‍රියාත්මක කරන තම විරෝධතාව සම්බන්ධයෙන් පාලකයන්ගේ අවධාන‍ය යොමුවී නොමැති වීම මෙම උණූසුම්කාරි තත්ත්වය සදහා හේතු වී අැත.

මෙම වාතාවරණය යටතේ සරසවි සිසුන් විසින් උපකුලපතිවරයා හා නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ සිට නිල කාමරය තුළ සිරක‍රගෙන සිටියහ. මේවන විට මේ සම්බන්දව සරසවිය තුළ උපකුලපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක් පවත්වමින් සිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'